අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හිතාගන්න බැරි ගේම් කාරයෙක්… BMICH වාහන හොරා ගැන තිගස්වන අපරාධ භූමිකාව හෙළි වෙයි…

by editor
ජනවාරි 16, 2024
in සමාජ
Share on FacebookShare on Twitter
  • අත් අඩංගුවේ සිටිය දී බොරැල්ල පොලිසියේ යකඩ කූරු කපා විදුලිය විසන්ධි කරවා පැන ගිහින්…

  • ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් කෝටි ගණන්වල වාහන හොරකම් කරලා…

  • රක්ෂිත බන්ධනාගාරගත වී සිටිය දි බන්ධනාගාරයෙන් පලා ගිය ඔහු නැවත මතුවන්නේ BMICH පරිශ්‍රයේ වාහන වංචාවෙන්… කෝටි 4ක් අරන් පලා ගිය ඔහු ගැන තවම කිසිම තොරතුරක් නෑ…

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති කාර්යාල කාමර දෙකක් කුලියට ගෙන වාහන වෙළෙඳ ආයතනයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වාහන දෙකක් මිල දී ගැනීමට පැමිණි ගැනුම්කරුවන් දෙදෙනකුගේ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදලක් රැගෙන පලා ගිය පුද්ගලයා, වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වාහන පැහැර ගැනීමක් සම්බන්ධයෙන් 2009 වසරේදී බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් ස්ථානයේ විදුලිය විසන්ධි කරවා පලා ගිය අයකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා බොරැල්ල පොලිස් සිර මැදිරියේ රඳවා ගැනීමේ නියෝගයකින් රඳවා සිටියදී විදුලිය විසන්ධි කර පලා යන්නේ පොලිස් ස්ථානයේ සුළු සේවකයකුගේ සහාය ඇතිව පොලිසියේ උපසේවා අංශයේ විදුලි වයර් දෙකක් එකට ගෑවීමට සලස්වා ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක කරවාය.

එම සේවකයාගේ සහාය ඇතිව මෙම පුද්ගලයා කියත් පටියක් සිරමැදිරය තුළට ගෙන්වාගෙන සිර මැදිරියේ කම්බි කූරු කපා ඇති බවත් විදුලිය විසන්ධි කළ දිනයේ එම කම්බි කූරු ඈත් කර ඔහු අඳුරේම පලා ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ වනතුරුත් කිසිම තොරතුරක් සොයා ගත නොහැකිව අතුරුදහන්ව සිටින  මෙම පුද්ගලයා සංවිධානාත්මකව වංචාවල නිරතව සිටින්නකු බවත් යතුරු කැපීමේ සහ අගුල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂඥයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බොරැල්ල පොලිසියෙන් පලා ගිය පසු  අත් අඩංගුවට පත් වීම

බොරැල්ල පොලිසියෙන් පලා ගිය සැකකරුව පසු කාලයක අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වැඩි කලක් ඔහු බන්ධනාගාරගතව සිට නැති අතර, බන්ධනාගාරයෙන් ද පලා ගොස් තිබේ. ඊට ද බන්ධනාගාර නිලධාරියකුගේ සහාය ඔහුට ලැබී තිබුණු බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ බන්ධනාගාරයෙන් පලා ගිය මෙම පුද්ගලයා නැවත මතුවන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිදුවූ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදල් වංචාවත් සමඟිනි. එම වංචාව සිදු වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදාය.

ස්ථීර පදිංචි ස්ථානයක් මෙම පුද්ගලයාට නැත. රෆීක් මොහොමඩ් ෂරීෆ් නමැති ඔහු මයිකල්, රිවස්, වැනි නම්වලින් හඳුන්වන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා විට නවාතැන් ගෙන සිට ඇත්තේ ජාඇළ පිහිටි නිවෙසකය. වැල්ලම්පිටියේ ද ඔහු කාලයක් නවාතැන් ගෙන සිට ඇත.

සිංහල, දෙමළ හා ඉංශ්‍රීසි භාෂා ඔහුට චතුර ලෙස හැසිරවීමට හැකි බවත් පරිහරණය කරනු ලබන්නේ සුඛෝපභෝගී ජීප් රථ බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එකල ඔහු තමන් ගමන් කරන වාහනයේ ඉදිරිපස වීදුරුවේ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස පුවරුවක් සවි කර ගමන් කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගන්නා වාහන නවතා පරීක්ෂා කිරීමේදී ඉංශ්‍රීසි භාෂාවෙන් ඔහු තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ බව සඳහන් කරමින් එක දිගට කතා කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් ද කලබල වී පරීක්ෂා කිරීමකින් තොරව ඔහුට යන්නට ඉඩ දෙන බවත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එකල බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 මුස්ලිම් ජාතිකයකු වන මෙම පුද්ගලයා බොහෝ තැන්වල පෙනී සිට ඇත්තේ සිංහල ජාතිකයකු ලෙසිනි. බදුල්ලේ ලිපිනයකින් සිංහල ජාතිකයකු ලෙස සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර්යාල දෙකක් කුලියට ගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ළමා  රෝග විශේෂඥයෙක් ලෙස පෙනී සිටිමින් වාහන කොල්ල කෑ අතිතය…

මෙම පුද්ගලයාව බොරැල්ල පොලිසිය මඟින් එකල අත්අඩංගුවට ගෙන ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මෝටර් රථයක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

එකල මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නිරත ශල්‍ය වෛද්‍යවරයකුගේ නමින් සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද අතැතිවය.

පුවත්පත්වල වාහන විකිණීම් සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීම්වල සඳහන් මිල අධික වාහන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මෙම පුද්ගලයා වෛද්‍ය වෙසින් එම වාහන පරීක්ෂා කිරීමට ගොස් වාහන පණ ගන්වන යතුර සබන් කැටයක සටහන් කර ගන්නා බව ඒ සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. අනතුරුව ඔහු සටහන් කරගත් යතුරු අනුරුවට අනුව ව්‍යාජ යතුරක් සකස් කර ගන්නා බව එම නිලධාරියා පැවසීය.

ව්‍යාජ යතුර සකස් කර ගැනීමෙන් අනතුරුව වාහනයේ හිමිකරුට දුරකතන ඇමතුමක් දෙන මෙම පුද්ගලයා සියලු ලියකියවිලි සමඟ වාහනය රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද එම නිලධාරියා කීය. රථය රිජ්වේ රෝහලේ රථ ගාලේ තමාගේ නම පවසා නතර කරන ලෙස දැනුම් දෙන ඔහු තමාව හමුවීමට ශල්‍යාගාරයට පැමිණෙන ලෙස පවසන බවත් එම නිලධාරියා පැවසීය.

එම දුරකතන ඇමතුමට අනුව වාහනය රැගෙන ගොස් රථ ගාලේ නතර කර ශල්‍යාගාරයට යන අතරතුර මෙම සැකකරු ව්‍යාජ යතුරෙන් වාහනයේ දොරගුළු විවෘත කර වාහනය පණ ගන්වා රැගෙන යන බව එම නිලධාරියා කීය.

මේ ආකාරයට මෙම පුද්ගලයා විසින් කොළඹ හා ඒ අවට රෝහල් ආශ්‍රිතව වාහන පැහැර ගැනීම් රැසක් සිදු කර ඇති බවට තොරතුරු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය තුළත් අපරාධ සම්බන්ධ ගොනුවක්!

බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය තුළ මෙන්ම අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ පවා මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගොනුවක් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා එක් වෛද්‍යවරයකුගේ නමින් පමණක් නොව, වෛද්‍යවරු කිහිප දෙනකුගේ නම්වලින් පෙනී සිටිමින් වාහන පැහැර ගැනීම් කර ඇති බව පොලිස් තොරතුරුවල සඳහන්ය.

වෛද්‍යවරයකු ලෙස මෙම පුද්ගලයා වැඩි වශයෙන් පෙනී සිටියත් ඉංජිනේරුවකු, ගුරුවරයකු, ව්‍යාපාරිකයකු වැනි විවිධ වෙස් ගෙන වංචා කිරීම්වල නිරතව සිට ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ලබා දෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් තෑග්ගක් පවා ලබා දෙන බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී පොලිස් මූලස්ථානය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබිණි. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි සාර්ථක තොරතුරක් මහජනතාවගෙන් ලැබී තිබුණේ නැත. යළිත් කෝටි ගණනක් රැගෙන පලා ගිය මේ පුද්ගලයා තවමත් අතුරුදහන්ය.  – දිනමිණ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැණි බීමට නිදි පෙති මුසුකර පොවා නිදි ගන්වා 14 හැවිරිදි දැරියක් දූෂණය කළ මාමා අත් අඩංගුවට… 

Next Post

සැකකටයුතු ලෙස ඉතාලියේ දී මිය ගිය හිටපු යුද හමුදා කපිතාන්වරයාගේ සිරුර මාස 10ක් ඉතාලි මල් ශාලාවක…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.