පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ කාල වකවානුවට අදාළව සහ පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ භාරයට ගන්නා ලෙස නීතිපතිවරයා අද(10) පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමකට අදාළව නීතිපතිවරයා එම උපදෙස් දී ඇත.
ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 26 වැනි දාට පෙර තමන් වෙත භාර දෙන්නැයි ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද එවැනි ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර ඇති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන ලෙස ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.