සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලිමට පත්කළ කමිටුවේ වාර්තාව සදුදා ජනාධිපතිවරයාට

by Lanka Sara Editor
අප්‍රේල් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (04) මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කරනු ලැබිය.

නව කමිටුවේ වාර්තාව පසුගිය 15 වැනිදා භාරදීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය. එම කාලසීමාව පසුගිය තිස් වැනි දායින් අවසන් වූ අතර කමිටු වාර්තාව එළැඹෙන සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. මැරුණ මිනිස්සුන්ට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ. ඒ වැරදිකරුවන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමටත් එවැනි දෙයක් නැවත සිදුනොවීමටත් තමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. පසුගිය රජය මුස්ලිම් නායකයින්ව සතුටු කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. හොඳම උදාහරණය වන්නේ පළාත් සභා මැතිවරණය 50ට 50 දෙන්න කියලා පනත රෑ 8:30 වෙනකම් කතානායකවරයා කල්දාලා කටයුතු කළේ මුස්ලිම් නායකවරුන්ට අවස්ථාව දෙන්නයි. එතකොට කවදාවත් ස්ථාවර පළාත් සභාවක් පිහිටුවන්න බැරි වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබන කොට ඒ ගැන කටයුතු කලේ නැහැ. ඒ වෙනුවට මුස්ලිම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටුවක් දැම්මා. ඒ වගේ දේවල් පහුගිය රජය කළා. නමුත් අපි එවැනි දේවල් කරන්න බලාපොරොත්තුවක් නැහැ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසි කෙනෙක් වගකීමක් භාර ගන්නේ නැහැ. අද රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මහ බැංකු හොරකම නිසා රටේ ආර්ථිකය විනාශ වුණ නිසයි. ඒ වගේ දේවල් පහුගිය ආණ්ඩුවේ අය පිළිගන්නේ නැහැ.
රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. අපි බලයට ඇවිත් තාම මාස අටයි. පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ඉදිරිපත් කරලා තාම මාස දෙකක්වත් නැහැ. ඉදිරි කාල සීමාව තුළ අපි හරි දේ කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ පිළිගත් කිසිවෙක් සයිනොෆාම් එන්නතට අනුමැතිය නොදීම ගැන ඖෂධ නියාමන අධිකාරිය කණස්සල්ලෙන්…    

Next Post

සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.