සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

සූවස් ඇළේ අමුතු අත්දැකීම් ගැන ශ්‍රි ලාංකික කපිතාන් ලංකාසරට කී කතාව

by editor
අප්‍රේල් 2, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සුවස් ඇළ නිහඬව සියවසකට එහා කාලයක්  සිට ලෝකයේ නාවික කටයුතුවලට දෙන්නේ අපමණ සවියකි. මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද මේ කෘත්‍රිම ඇළ මාර්ගය ලෝකයේ වානිජ නාවික කර්මාන්තයට ඉටු කළ නිහඬ සේවය ගැන මෑත කාලයේ ලෝකය හඬ නගන්නට ගත්තේ පසුගියදා අති විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රවාහනය කරන එවර් ගිවන් නම් නෞකාව ඇළ හරහා ගමන් කොට වැලි පරයක සිරවීමත් සමඟය.

සුවස් ඇල සිරකළ එවර්ග්‍රීන් කොම්පැණියේ එවර් ගිවන් නෞකාව

මේ දැවැන්ත නෞකාව ලෝකයේ සියයට 12ක් වන වාණිජ නාවික කටයුතුවලට හරස් කැපුවේය. විවිධ රටවල අවශ්‍යතා අනුව එහා මෙහා ගිය නැව් 600ක බහලුම් ලක්ෂ ගණනක් එක තැන දින ගණනාවක් සිරවීම නිසා ලෝක ආර්ථිකයම හෙල්ලෙන තරමේ බලපෑමක් කළේය.

මෙය ලෝකයම කුතුහලයට පත් කරවන ලෝකයම වැඩිම උනන්දු වූ මාතෘකාවක් විය. ගූගල්, ෆේස්බුක් වැනි අන්තර්ජාල සෙවුම් තුළ සූවස් ඇල එකවර මිලියන ගණනක් උනන්දුවෙන් සෙවූහ. මේ කුතුහලය සමඟ එන තවත් කුහුලක් වන්නේ සූවස් ඇළ තරණය කර ඇති නාවිකයන් ලද අත්දැකීම්ය.

කපිතාන් ශ්‍රියන්ත අරම්පත්

සූවස් ඇලේදී ලද නාවික අත්දැකීම් පිළිබඳව සටහනක් තබන්නට අප සම්බන්ධ කර ගත්තේ වසර ගණනාවක් මේ ඇළ තරණය කොට අත්දැකීම් සහ පළපුරුද්ද ඇති නාවික කපිතාන්වරයෙකි. ඔහු කපිතාන් ශ්‍රියන්ත අරම්පත්ය. මේ වනවිට ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය නෞකාධිපතිවරයා ඔහුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු සූවස් ඇල පිළිබඳව මූලික හැඳින්වීමක් කළේ මේ ආකාරයෙනි.

“සූවස් ඇල කියන්නේ ලෝකයේ නාවික කර්මාන්තයේදී අතිශයින්ම වැදගත් වන ඇළ මාර්ගයක්. මෙය කැපීම ආරම්භ කරල තියෙන්නේ 1859 වසරේදී. කිලෝ මීටර 193ක් දිග මේ මාර්ගයේ පළල සාමාන්‍යෙයන් මීටර 205ක් පමණ වනවා. ගැඹුර මීටර 24ක් . මෑත දත්ත අනුව දිනකට නෞකා 50ත් 52ත් අතර ප්‍රමාණයත් මෙම ඇල මාර්ගයට ඇතුළු වෙනවා.  පිටවෙනවා. ඊජිප්තුව හරහා වැටී ඇති ඇළ මාර්ගයෙන් මධ්‍යධරණී  මුහුද සහ රතු මුහුද සම්බන්ධ කෙරෙනවා. මේ ඇළ මාර්ගය හේතුවෙන් නාවික ගමන් කෙටි වී තිබෙනවා.  එය නොමැතිනම් දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව හරහා දිගු මාර්ගයකින් වැඩි කාලයක් ගෙවා ගමනාන්ත කරා යාමට නෞකාවලට සිදුවනවා. නෞකාවකට නාවික දින එකක් හරි අඩුවෙනවා කියන්නේත් ලොකු දෙයක්.“

සුවස් ඇළට ඇතුළු වීම –

සූවස් ඇළට ඇතුළුවීම සඳහා නිශ්චිත ක්‍රියාවලියක් තිබේ. ඇළේ සියලුම නාවික මෙහෙයුම් සහ කළමනාකරණය නඩත්තු කටයුතු සිදුවන්නේ සූවස් කැනල් අධිකාරිය නම් ඊජිප්තු රජයේ ආයතනය මඟිනි. එහිදී ඇළෙහි පිවිසුම් දෙකේම වරාය දෙකක් පවතින අතර රතු මුහුදෙන් ඇතුළු වන ස්ථානයේ පවතින වරාය සූවස් වරාය යි. මධ්‍යධරණී මුහුදෙන් ඇතුළු වන ස්ථානයේ ඇත්තේ සෙයිඩ් වරායයි.  අතරමැද ඇති ග්‍රේට් බිටර් ලේක් නම් විලකට සම්බන්ධ ඇලේ පුළුල් ප්‍ර දේශයේ හුවමාරු තොටුපළක් තිබේ. එහිදී සිදුවන ක්‍රියාවලිය කපිතාන් අරම්පත් විස්තර කරන්නේ මෙසේය.

ග්‍රේට් බිටර් ලේක් හි නතර කොට

“ඇළේ ගමන් කරන නෞකා සාමාන්‍යයන් මේ වරාය දෙකේ සිට දෛනික කාල සටහනකට අනුව නෞකා සමූහයක් ලෙසයි ගමන් කරන්නේ. ඒ සියල්ල අතරමඟ තිබෙන එක් පැත්තක සිට පැමිණෙන නෞකා පෙළ එතනින් මාරු වෙනවා. ඊට පස්සේ අනෙක් නෞකා පෙළ ගමන් කරනවා. ඊට අමතරව අතර මැද අපට හිතුණු තැන්වලදී නෞකාවලට එහා මෙහා මාරු වෙන්න බැහැ.

සුවස් වරාය

මේ ඇතුළු වන තැන සිට නෞකාව හැසිරවීම සම්බන්ධයෙන් වගකීම සහ එහි කටයුතු සම්බන්ධයෙන් සෙවීමට සාමානයෙන්  තුන් දෙනකු නැවට නගිනවා. එක්කෙනෙක් නාවික නියමුවා. එනම් පයිලට්. ඊට අමතරව  විදුලි කාර්මිකයකු එනවා. ඒ සූවස් ඇළේ ගමන් කරන නැව්වල මඟ පෙන්වීමේ විශේෂිත අධි සැර විදුලි ලාම්පුවක් තිබෙනවා. මෙම ලාම්පුව නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න පරික්ෂා කිරීම විදුලි කාර්මිකයකු එනවා. ඔවුන් සියලු දෙනා ඊජිප්තු ජාතිකයන්.  ඊට අමතරව ඇළ මාර්ගයේ ගමන් කරද්දී යම් හදිසි තත්තවයක් ඇති වුවහොත් නැව කඹ යොදා බැඳ ගන්නට කම්කරුවකු එනවා. මේවා අතීතයේ සිට සාම්ප්‍රදායිකව සිදුවන දේවල්.“

කෙසේ වුද මේ වනවිට මේ එන පුද්ගලයන් අතරින් ඇතැමෙක්  සදාචාර සීමා ඉක්මවමින් නොහික්මුණු ලෙස   හැරෙන්න   අල්ලසක් බලාපොරොත්තුවන මට්ටමේ පුද්ගලයන් බව කපිතාන් අරම්පත්ගේ අත්දැකීමයි.

“ නැව්වලට සූවස් ඇළේ දෙඅන්තයෙන්ම ගොඩ වෙන්නේ ඊජිප්තු ජාතිකයන්. ඒ අතර ප්‍රධානතම පුද්ගලයා තමයි නැවට ගොඩ නගින පයිලට්. එනම් නාවික නියමුවා.  ඔහුගේ උපදෙස් අනුව තමයි නැව හසුරුවාගෙන  යා යුත්තේ. නමුත් ඔවුන් හැමදේටම මොනව හරි අල්ලසක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැතිනම් නැවේ සුළු හෝ අඩුපාඩුවක් පෙන්වලා අපේ ගමන පමා කරනවා. “

කපිතාන්වරයකු ඊජිප්තු නියාමයකුට සිරට්-අල්ලසක්දෙ මින්

“බොහෝ විට මේ විදිහට එන පයිලට්ලා ඉල්ලන්නේ සිගරට් කාටන්. එක සිගරට් කාටන් එකක සිගරට් 20 බැගින් වන  පැකට් 10ක් කිබෙනවා. එවැනි කාටන් හතක් අටක් හෝ 10ක් මේ එන පයිලට් ඉල්ලනවාමයි. ඔවුන් ඉල්ලන්නෙම මැල්බරෝ බ්‍රෑන්ඩ් එක විතරයි. වෙන මොනව හරි දුන්නොත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. මොකුත් නොදුන්නොත් නැවේ ගමන වළක්වන තැනට කටයුතු කරනවා. “

“ මම කපිතාන් ධුරය දැරූ නැවක් වරක් රතු මුහුද පැත්තෙන් සූවස් ඇළට එක් කරන අවස්ථාවේ මගේ නැවේ තිබුණේ චීන සිගරට් වර්ගයක් පමණයි. මම දන්නවා මේ අය මේ සිගරට් ප්‍රතික්ෂේප කරන බව. ඒ නිසා මට අර වරායෙන් මැල්බරෝ සිගරට් කාටන් 50ක් මිලදී ගන්න වුණා. මම කෝකටත් සිගරට් ඉල්ලනකොට ඉස්සරල චීන සිගරට් දුන්නා. නැවට ආපු පයිලට් කීව ඕව එපා, අපි දන්නවා ඔයාට මැල්බරෝ ආව කියල ඒව දෙන්න කියල.“

“ දවසක් ඔවුන් මගෙන් කොකාකෝලා ඉල්ලුවා. නමුත් නැවේ කොකාකෝලා තිබුණේ නැහැ . ඒ වෙනුවට මම ස්ප්‍රයිට් දුන්නා. ඒවා ප්‍රතික්ෂේප කළා. ඒක ශීත කර නැහැ කියා දොසුත් කිව්වා. ඔවුන් වෘත්තිය නාවිකයන්. සුදුසුකම් සහ පළපුරුද්ද  ඇත්තන්. එහෙත් සූවස්  ඇලේ සේවය කරන්නේ එකී වෘත්තීය සදාචාරයන් ඉවත් කරලා.“

“ඔවුන්ගේ මේ නොහික්මුණු ක්‍රියාකාරකම් ඇතැම් අවස්ථාවලදී නෞකා කපිතාන්වරුන්ට වගේම නෞකා මෙහෙයුම් සිදු කරන සමාගම්වලටද  ප්‍රශ්න ඇති කළ අවස්ථා ගණනාවක්  තියනවා.    විශේෂයෙන් බොහෝ මහා පරිමාණ නැව් සමාගම් මේ වනවිට  තම කටයුතු සිදු කරන්නේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට අනුකූලව (Anticorruption policies).  එවැනි තත්ත්වයක් තුළ ඇතැම්විට කපිතාන්වරයාට වෙනත් අයට අල්ලස් ලබා දීමේ හැකියාවක් නෑ.  ඔවුන්ට ඒ සඳහා ප්‍රතිපාදන නැහැ. සූවස් ඇළේ පයිලට්ලා එවැනි නෞකා කපිතාන්වරුන් සමඟ ප්‍රශ්න ඇතිතකර ගත් අවස්ථා ගැන අපිට වාර්තා වෙනවා.“

“පසුගියදා අනතුරට ලක් වුණු නෞකාවත් එවැනි මහා පරිමාණ සමාගමක එකක්. ඔවුන් සමඟත් ප්‍රශ්නයක් ඇති කරගෙන මෙම මෙහෙයවන්නන් අදාළ සහය මේ විසල් නෞකාවේ කපිතාන්වරයාට ලබා නොදුන්නාදැයි  ඔවුන් අතර මේ වනවිට කතා බහක් ඇතිව තිබෙනවා.“

“ කිලෝ මීටර 193ක් දිග සූවස් ඇළ තුළ නෞකා පදවාගෙන යාමේදී අනිවාර්යයෙන්ම එයට පළපුරුදු නාවික මෙහෙයුම්කරුවකු ගොඩවෙනවා. ඔවුන් මේ ඇළ මාර්ගය සම්බන්ධයෙන් හසළ අත්දකීම් ඇති අය. ඔවුන්ගේ උපදෙස් මත තමයි ඕනම නැවක කපිතාන්වරයා තම නැව ගෙන යන්නේ. “

“ඔය කියන කලාපයේ ඉතා තද සුළඟකදි හෝ කුනාටුවකදී නැව කළමනාකරණය කොට හසුරුවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබිය යුතු බව නාවිකයකු හැටියට මගේ විශ්වාසයයි. අනෙක ඒ තරම් විශාල නැවක් මෙවැනි අළ මාර්ගයකදී රැල්ලකට හෝ  කුණාටුවකට හැරවෙන්නට තරම් හේතුවක් මම නම් විශවාස කරන්නේ නෑ“ කපිතාන් අරම්පත් පවසනනේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන සොයා බැලීම්වලදී එවර් ගිවන් නැව මේ අතවරයට පත් වන්නේ කාග් වරදකින්ද යන්න හෙළි වනු ඇති බවය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලිමට පත්කළ කමිටුවේ වාර්තාව සදුදා ජනාධිපතිවරයාට

Next Post

ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට කළමනාකරණ කමිටුවක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.