බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයට ආධාර දුන් ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකාවේ දී නඩු පැවරේ

by Lanka Sara Editor
ජනවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරයේ චූදිත ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙකුට අමෙරිකාවේ කැලිෆෝනියාවේ අධිකරණයකදී චෝදනා ගොනු කෙරේ.

පුද්ගලයන් 268 දෙනෙකුට මරු කැඳවු එම බෝම්බ ප්‍රහාර මාලාවෙන් අමෙරිකානුවන් 5 දෙනෙකු ඇතුළු මෙරට පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබූහ.

මෙලෙස චෝදනා ගොනු කර ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව ය.

ලොස් ඇන්ජලීස් හි ෆෙඩරල් උසාවියේදී, කුමන්ත්‍රණය කිරීම සහ විදේශීය ත්‍රස්ත සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔවුන්ට කැලිෆෝනියාවට සම්බන්ධතාවයක් නැති නමුත් විමර්ශනයට නායකත්වය දුන් එෆ්බීඅයි ප්‍රමුඛ ඒකාබද්ධ ත්‍රස්ත කාර්ය සාධක බලකාය ලොස් ඇන්ජලීස් හි පිහිටා ඇති බැවින් මෙම නීති කෘත්‍ය සිදුකිරීමේ හැකියාව පවතින බව අමෙරිකානු නීතිපති කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවේ 2019 අප්‍රියෙල් 21 වන දින ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාමීය අන්‍තවාදීන්ට සහයෝගය දුන් කණ්ඩායමකට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇත.

“ශ්‍රී ලංකාවේ අයිසිස්” ලෙස හැඳින්වූ කණ්ඩායම වෙනුවෙන් ප්‍රචාරක ප්‍රයත්නයන්හි ප්‍රමුඛයා බවට නෆාර්ට චෝදනා එල්ල වී ඇති අතර, එම කණ්ඩායමට එක්වීමට අනෙක් අය බඳවාගෙන මිලිටරි ආකාරයේ පුහුණුවක් ලබා දුන් බව ද බලධාරීහු පවසති.

ප්‍රහාර සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය නිපදවීමට උදව් කළ බවට රිස්කාන්ට චෝදනා එල්ල වී ඇති අතර මොහොමඩ් විසින් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙකු ආයුධයක් ලබා ගැනීම සඳහා ඝාතනය කිරීම, සැකකරුවෙකු පිළිබඳ තොරතුරු ලබා දුන් පුද්ගලයෙකුට වෙඩි තබා වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් පරීක්ෂා කිරීම යන චෝදනා එල්ල වී තිබේ.

ඔවුන් රඳවාගෙන සිටියේ ශ්‍රී ලංකාවේ වන අතර ඔවුන් වෙනුවෙන් කතා කළ හැකි නීතිඥයින් කැලිෆෝනියාවේ සිටීද යන්න පැහැදිලි නැත.

“මෙම නඩුව පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ලෝකයේ ඕනෑම තැනක සිටින ඇමරිකානුවන් ඉලක්ක කර ගත් විට ත්‍රස්තවාදීන්ට යුක්තිය ඉටුවීමට එක්සත් ජනපදය තීරණාත්මක පියවර ගනු ඇත.”

“විත්තිකරුවන් යුක්තිය මග හැරීමට උත්සාහ කළහොත් මෙම චෝදනා සමඟ අප ක්‍රියාත්මක වීමට සූදානම් බව මෙම පැමිණිල්ලෙන් පැහැදිලි වේ.” යැයිද අමෙරිකානු නීතිපති කාර්යාලය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරටට ආ යුක්‍රේන සංචාරකයන්ට ලොක්ඩවුන් වුණත් මව්රටට ආපසු යන්න පුළුවන්

Next Post

විදුලිබල මණ්ඩලය විශාල මූල්‍ය අර්බුදයක… ඩලස් කියයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.