අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු 107ක් නිශ්ප්‍රභා කරන්න… නීතිපති ඉල්ලයි!

by editor
සැප්තැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනෝ ප්‍රිය ගුණසේකර –

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට  වන්දි  ගෙවීමට රජය කටයුතු කරමින් සිටින හෙයින්  රජයට එරෙහිව පවරා ඇති නඩු 107 නිෂ්ප්‍රභා කරන්නයි නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂ ද සිල්වාගෙන්   ඊයේ  (13 ) ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   2019 අප්‍රේල් මස 22වෙනි දින ඉදිරිපත් කළ 2019 /04 දරණ අමාත්‍ය මණ්ඩල සන්දේශයට  අප්‍රේල් මස 24 වැනි දින අනුමැතිය හිමිව ඇති බවත් එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව එම වන්දි මුදල් ගෙවීම සිදු කරන බවත්  සඳහන් කරන  නීතිපතිවරයා අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මියගිය හා සදාකාලික ආබාධිත වූ  පුද්ගලයකු සඳහා රුපියල් මිලියනයක්ද. තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක් ද, සිදුව ඇති දේපළ හානිය වෙනුවෙන් රුපියල්  මිලියන 5 ක උපරිමයකට යටත්ව වන්දි ද,  අනුමැතිය හිමි වී ඇති බව දැනුම්  දුන් අතර වන්දි ගෙවීමේ කටයුතු සඳහා  හානිපූර්ණය සඳහා වන කාර්යාලයට පැවරීමටත් අමාත්‍ය මණ්ඩල සංදේශය නිර්දේශ කර ඇති බවත්  නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකල හේතුවෙන් එම ප්‍රහාරයට ලක්ව මියගිය හා සදාකාලික ආබාධිත වූ හා තුවාල ලැබූවන්ට  වන්දි ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට පෙත්සම් 107ක් ඉදිරිපත් කොට තිබිණි

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය නම් කර ඇත .

පාස්කු ප්‍රහාරයේ සිදුවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ,විත්තිකාර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස සිය ප්‍රති පුරුෂ වගකීම පැහැර හැරීම, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම  හා රාජකාරිය පැහැර හැරිම තුළින් තමන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වු බවත්, ඊට වන්දි අයකර දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැමිණිලිකරුවන් අගතියට පත් ස්භාවය අනුව රුපියල් ලක්ෂ සියයේ සිට ඉහළට වන්දි ඉල්ලමින් මෙම නඩු පවරා තිබිණි.

මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය හා සදාකාලික ආබාධිත වූවන්ට වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කොට ඇති බවත් එම වන්දි ලබා දෙන තෙක්  ඔවුන්ට සානුකම්පිත දීමනාවක් ලබා දීමට රජයට හැකියාව ඇති බවත් පෙන්වා දුන්නේ ය.

එහෙත් පැමිණිලිකරුවන් එම දීමනාව ලබාගැනීමට  මෙතෙක් ඉල්ලුම් කර නොමැති බවද නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුවල දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇති   ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහු වෙනුවෙන් උත්තර ගොනු කිරීම මෙම අවස්ථාවේ සිදු නොකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනරජයේ ජනාධිපති ලෙස පත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 /1 ව්‍යවස්ථාව ප්‍රකාරව හිමිවන මුක්තිය අනුව නඩුවේ විත්තිකාරත්වයෙන් ඔහු මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි මෝසමක් ගොනු කරමින් අධිකරනයෙන් ඉල්ලා සිටියහ.

හිටපු  ජනපති මෙමත්‍රිපාල සිරිසේන  ද මීට පෙර අවස්ථාවක ජනපති මුක්තිය යටතේ තමන් මෙම නඩු වලින් මුදා  ඉල්ලා සිටියත් අධිකරණයේ ඒ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර  සිවිල් අභියාචන මහාධිකරණය ට   ඉදිරිපත් කළ අභියායචනය මේ වන වනවිට විභාග වෙමින් පවතී.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමගජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා  පෙනී සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දිනේෂ් විදානපතිරණ   ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය  .
නඩුවේ වැඩිදුර විහාගය නොවැම්බර් 02 වන දින සිදු සිදුකිරීමට නියමිතය .

ලංකාදිප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්…

Next Post

රාජ්‍ය  හා පුද්ගලික ආයතනවලින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට කෝටි 10ක පොල්ලක් – විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.