පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත්කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (27) දින නියම කළේය.
එම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත්කළ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි 09 වනදා යළි කැඳවන ලෙස ද නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ඒ පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර තිබෙන බව කාදිනල් හිමිපාණෝ සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා සිටියහ.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම නිර්දේශ ක්‍රියාත්මක කර නැති බවය.
ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස කාදිනල් හිමියෝ පෙත්සමින් ඉල්ලා සිටියහ.