බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“ස්ක්‍රීන් ෂොට් වට්ස් ඇප් සාක්කි නැත්නම් මේ වෙනකොට මම හිරේ“

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාගෙන් ආවේගශීලී ප්‍රකාශයක්

by Lanka Sara Editor
අගෝස්තු 26, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter
  • මෙච්චර කල් වැඩ කලේ මේ වගේ කණ්ඩායමක් එක්කද කියල හිතනකොට දුක හිතෙනවා
  • ඔක්කොම කරන්න ඕන මමද? අනික් අයට පඩි ගෙවන්නේ නිකංද?

වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක අංශ තුළ තමන් සමඟ එකට වැඩ නිලධාරින්ගේ සැබෑ ස්වරූපය දැන ගත්තේ පාස්කු ප්‍රහාරයට පසුව බවත් එවැනි නිලධාරින් සමග රාජකාරි කිරීමට සිදුවීම ගැන අද තමන් දැඩිලෙස කණගාටුවන බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අද්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ 18 වැනි දිනයටත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හමුවේ සාකෂි ලබා දෙමිනි. ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අප්‍රේල් 09 දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේ වත්මන් ආරක්ෂක තත්ත්වය පැහැදිලි කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට ලබා දුන් අවස්ථාවේදි ඒ වන විටත් අප්‍රේල් 04 දින ලැබී තිබුණු ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර සාකච්ඡාවට බදුන් නොකළේ මන්ද යන්නය.

ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා සදහන් කළේ ඒ වන විට තම උසස් නිලධාරියෙකු ව සිටි ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාව අප්‍රේල් 04 පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබද දැනුවත් කර තිබු බැවින් බුද්ධි සමාලෝචන රැස්වීමේ තමන්ගේ අවස්ථාවේදි එය සාකච්ඡාවට බදුන් කිරීමට උත්සහ නොකළ බවය.

එවකට ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා මෙම පුර්ව දැනුවත් කිරීම පිළිබද දැඩි අවධානයක් යොමු කළේ නම් අදාළ බුද්ධි සමාලෝචන රැස්වීමේ න්‍යාය පත්‍රයටම සහරාන්ගේ ප්‍රහාරය ලෙස මාතෘකාවක් ඇතුළු කිරීමට අවස්ථාව තිබු බව ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යෝජනා කරමින් විමසා සිටියේ අදාළ බුද්ධි සමාලෝචන රැස්වීම අවසන් භාගයේ ජාතික බුද්ධි ප්‍රධානියා විසින් “නිලන්ත ඇයි අර කොලේ දාන්නේ නැත්තේ” යැයි විමසු බව පිළිගන්නේද යන්නයි.

එය ප්‍රතික්ෂේප කරමින් ජයවර්ධන මහතා කියා සිටියේ අදාළ රැස්වීම තුළ තමන්ගෙන් සිසිර මෙන්ඩිස් මහතා එවැනි විමසීමක් සිදු නොකළ අතර රැස්වීම ආරම්භවීමට පෙර ” සර් ඕක තාම අතෙනේ, ඇයි දැම්මේ නැත්තේ ” යනුවෙන් තමන් විමසු බවයි.

මෙහිදි ජනාධිපති නීතිඥවරයා යළි විමසා සිටියේ අදාළ රැස්වීම තුළ නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 04 බුද්ධි තොරතුර සාකච්ඡාවට බදුන් නොකිරීම හේතුවෙන් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය හා ත්‍රිවිඩ හමුදාපතිවරුන් ප්‍රහාරයක් සිදුවන බවට වූ පුර්ව දැනුවත් කිරීමක් පිළිබද නොදැන සිටීබව ඔබ පිළිගන්නේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා පැවසුවේ,

” යුධ හමුදා බුද්ධි අංශ දැනුවත් නොකිරීමේ වගකීම මට ගන්න බැහැ. මම රාජකාරිමය වශයෙන් දැනුම්දිය යුතු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ට දැනුම් දුන්නා. ජාතික බුද්ධි ප්‍රධානියා කියන්නේ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන මගේ උසස් නිලධාරියෙක්. ඔහු මෙම තොරතුර වැදගත් කොට සැලකුවානම් මම යුධ හමුදාවට කියනකං ඉන්න ඕනේ නැහැ. මම යවපු කොළය ලැබුණ ගමන් ඔහුට යුධ හමුදාවට දන්වන්න තිබුණා ” යනුවෙන්.

මෙහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ අප්‍රේල් 20 වන දින එනම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින පස්වරුවේ නිලන්ත ජයවර්ධන මහතා විසින් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අමතා ” සර් මේක ලෙඩක්, මම IGP ට කිව්වා ” යනුවෙන් පමණක් සදහන් කළ බව සිසිර මෙන්ඩිස් මහතා පවසන්නේ නම් ඔබ එය පිළිගන්නේද යන්නයි.

ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා “ නැහැ. ඒ දුරකතන ඇමතුම තත්ත්පර 05 ක් වගේනම් ඒ ටික විතරක් කිව්වා වෙන්න පුළුවන්. නමුත් මම ඊට වඩා දෙයක් කිව්වා කියලා මතකයි. මම කිව්වා පල්ලියකටයි, හෝටලයකටයි ඇතුළුව ස්ථාන 08 කට ගහනවා කියලා ” යන්නය

එහිදි ජනාධිපති නීතිඥවරයා පෙරළා යෝජනා කළේ අදාළ දුරකතන ඇමතුමේදි සිසිර මෙන්ඩිස් මහතා ” පොලිස්පතිට තමයි බලය තියෙන්නේ ” යනුවෙන් පැවසු බව පිළිගන්නේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා පැවසුවේ එලෙස පැවසු බවට තමන්ට මතකයක් නොමැති බවයි.

ප්‍රහාරයට පෙරදින තමන් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අමතන අවස්ථාවේ, සිසිර මෙන්ඩිස් මහතාද පල්ලි යන්න සුදානමින් සිටි අතර බෝම්බ ගහනවා යැයි කියු විට පල්ලි ගියේද නොගියේද යන්න තමන් නොදන්නා බවත් පල්ලි ගැන තමන්ට වඩා දැනුමක් ජාතික බුද්ධි ප්‍රධානියාට පැවතිය යුතු බැවින් පල්ලියකට ගහනවා යැයි කී විට ඔහුට ඒ පිළිබද වැඩි අවධානයක් දීමට තිබු බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදි ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ 21 හෝ ඊට පෙර ගහනවා යැයි අප්‍රේල් 20 වන දින පැහැදිලි තොරතුරක් ලැබී තිබියදි හෝ ජනාධිපති ලේකම්වරයා අමතා හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කර මහජන සාමය ආරක්ෂා කිරීමට යුධ හමුදා සහය ලබාගැනීමට ක්‍රියා කළේද යන්නයි.

එම ප්‍රශ්නය ඇසීමත් සමග නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු දුන්නේ ඉයම් ආවේගශීලී විලාසයකිනි.
” ජනාධිපතිට කිව්වද ඇහුවා, අගමැතිට කිව්වද ඇහුවා, ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, ජාතික බුද්ධි ප්‍රධානිට කිව්වද ඇහුවා. දැන් ඒ පාර ජනාධිපති ලේකම්ට කිව්වද කියලත් අහනවා. මේ ඔක්කෝටම කියන්න ඕනේ මමද…? ඊළගට අහයි නිලන්ත ඇයි ඔයා රටටම නොකිව්වේ කියලා.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තොරතුරු රැස් කරන්න ඕනේ, පණිවුඩ කියන්න ඕනේ, ලියුම් ගහන්න ඕනේ නිලන්තද..? එතකොට අනිත් අයට පඩි ගෙවන්නේ නිකන්ද..?
රට තුළ ක්‍රමානුකුලව සැකසුණු ධුරාවලියක් තියෙනවා. එම ධුරාවලියේ එක් එක් නිලතලයන්ට පැවරුණු වගකීම් තියෙනවා. හැම දේටම හරි හරි හරි කියන්න නිලධාරින් ඕනේ නැහැ. ජනාධිපතිගේ වැඩෙයි, ආරක්ෂක ලේකම්ගේ වැඩෙයි, පොලිස්පතිගේ වැඩෙයි ඔය හැම වෙඩේම මම කරන්න ඕනේනම් ඒ අය ඕනේ නැහැ. මට ජනාධිපතිකම දුන්නනම් ඉවරයි.
මට කණගාටුයි මේ වගේ Team එකක් එක්ක වැඩ කරන්න සිදුවීම ගැන. 21 න් පස්සේ තමයි ඇත්ත පුද්ගලයෝ කව්ද කියලා දැනගත්තේ, ගත්තු දුරකතන ඇමතුම් වල Screenshot ගත්තේ නැත්තම් අද වෙද්දි රාජ්‍ය බුද්ධි සේවය මුකුත් කරලා නැහැ. යවපු Whatsapp පණිවිඩ නොතිබුණානම් මම අද හිරේ.

2015 ඉදලා යවපු කිසිම බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙන් කිසිදු ඉහළ නිලධාරියෙක් වැඩිදුර වාර්තා ඉල්ලා නැහැ. පොලිස්පතිවරයා පමණක් දෙතුන් පාරක් වැඩිදුර වාර්තා ඉල්ලා තිබෙනවා. ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීම ගැන යවපු කිසීම ලේඛනයකට කිසිම කෙනෙක් වැඩිදුර වාර්තා කැදෙව්වේ නැහැ. එක ලේඛනයකට හරි වැඩිදුර වාර්තා කැදවලා තියෙනවා කියලා ඔප්පු කළොත් මම මේ දැන් සේවයෙන් ඉල්ලා අස්වෙනවා.
2015 ඉදලා සහරාන් ගැන වාර්තා 307 ක් පමණ යවලා තියෙනවා. බුද්ධි තොරතුරු සපයපු ක්‍රමවේදයේ වරදක් තියෙනවා නම් දැන් නෙමේ අවුරුදු 05 කට කළින් කියන්න තිබ්බා.

ප්‍රහාරය ගැන පුර්ව දැනුවත් කිරීමක් කරලා තියෙද්දි සමහරු අවුරුද්දට ආයතන වැහුවා. ආයේ ඇරියේ ප්‍රහාරයෙන් පස්සේ. තවත් අය පුර්ව දැනුවත් කිරීම් කර තිබියදි රට ගියා. තවත් මිනිස්සු ගෙදරට වෙලා බුදිය ගත්තා. තවත් අය පල්ලිවලට ගහනවා කියද්දි පල්ලි ගියේ නැහැ. අන්තීමට ඇයි කිව්වේ නැත්තේ කියලා අහන්නේ මගෙන්.

මම මට කරන්න පුළුවන් දේ කළා. ආරක්ෂක ලේකම්ට කිව්වා, ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා, පොලිස්පතිට කිව්වා ඒ හැමෝටම කියලා ජනාධිපතිට කියන්න උත්සහ කළා. Answer නොකළ එක මගේ වැරැද්දක් නෙමේ.
මම මට පුළුවන් හැමදේම කළා. අදටත් මට හොදට නින්ද යනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංගොඩ ලොක්කාගේ කුඩු කිලෝ 42ක් සමඟ පාතාලයට සැපයූ ආයුධ තොගයක් අල්ලයි

Next Post

අපේ දිගු දුර මෙහෙයුම් බලකාය ලොව තෙවැනි භයානකම බලකාය වෙයි

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.