අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

මීට අවුරුදු හතකට පෙර සහරාන් හමුවූ මතකය බුද්ධි නිලධාරියෙක් දිග හරී…

හිටපු බුද්ධි නිලධාරියකු ජනපති කොමිසම හමුවේ  මුස්ලිම් අන්තවාදය ගැන කළ පර්යේෂණ ගැන දුන් සාක්ෂිය

by editor
ජූලි 10, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter
  • ඔහුගේ වැඩ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඒ දවස්වලම තේරුණා
  • බොදු බල සේනා රාවණා බලය ගැන අයහපත් ආකල්පයක් තිබුණා
  • සහරාන් චම්පික රණවක ලිව්ව පොතක් තහනම් කරන්න කිව්වා

තම පශ්චාත් උපාධිය නිබන්ධනය සඳහා මුස්ලිම් අන්තවාදය පිළිබඳව අධ්‍යයනයක් කළ අධ්‍යයනයේදී සහරාන් හසීම් හමුවූ බවත් ඔහු මෙරට ජාතික ආරතක්ෂකාවට තර්ජනයක් විය හැකි පුද්ගලයකු බව ඔහු සමඟ සාකච්ඡාවේදී එකවරම අවබෝධ වූ බවත් ඊයේ 09 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් යුධ හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

තමන් මුස්ලිම් අන්තවාදය සම්බන්දයෙන් නිබන්ධනය සඳහා එක්රැස් කළ කරුණු පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හමුදාවේ ඉහල බලධාරින්ගෙන් අවසර ඉල්ලූ අවසථාවේ එවැනි අවසරයක් ලබා දුනහොත් තමන්ට යුධ හමුදාවෙන් ඉවත් වන්නට පවා සිදුවනු ඇතැයි ඔවුන් පැවසූ බව ද එහිදී මෙම බුද්ධි නිලධාරියා තවදුරටත් පැවසීය.

ඊයේ (09) ජනාධිපති කොමිසම හමුවේ දීර්ඝ සාක්ෂි විභාගයකට මුහුණ දුන් මෙම යුධ හමුදා බුද්ධි නිලධාරියා අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහුගේ නිබන්ධනය සහ සහරාන් හමුවීමේ අත්දැකීම විස්තර කළේ මේ අයුරිනි.

මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් 2013 වසරේ කළ නිබන්ධනයට මුල්වූයේ  මුස්ලිම් අන්තවාදයයි. ඒ සම්බන්ධයෙන් මම අධ්‍යයනය කළා. පුද්ගලිකවම මම ත්‍රීකුණාමලය සහ මඩකලපුවට ගියා. 2013 වසරේ ඔක්තෝම්බර් 22 වෙනිදා කාතන්කුඩියේ දී සහරාන්ව මට හමුවුනා. ඒ ඔහුගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මූලස්ථාන කාර්යාලයේදී. ඒ කාලේ එම කාර්යාලය කුඩා එකක්.  එම හමුවීමට අදාල ඡායාරූප පවා තිබෙනවා. මේ පුද්ගලයා සමාජයට තර්ජනයක්, ජාතික සමගියට මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් කරනවා කියල මට  එහිදී තේරුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විනිසුරු බන්දුල කරුණාරත්න

2013 වසරේ ඔක්තෝම්බර් 22 වෙනිදා සහරාන්ව හමුවුනානේ. සහරාන් දැනගෙන සිටියද ඔබ බුද්ධි අංශ නිලධාරියෙක් කියල.

සාක්ෂිකරු

නැහැ

විනිසුරු

ඔබ සමග තවත් කවුරුහරි එහි ගියාද?

සාක්ෂිකරු

බුද්ධි අංශයේ බලයලත් නිලධාරියෙක් මා සමග ගියා. ඔහු මුස්ලිම් නිලධාරියෙක්. පැය දෙකකට වැඩි කාලයක් සහරාන් සමග කතාබහ කළා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

සහරාන් සහ ඔබ අතර කථාවුණේ මොනවද?

සාක්ෂිකරු

නිබන්ධනයේ අරමුණ වුනේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවාද? ඒ අයට ආධාර ලැබෙන්නේ කොහොමද? කියන එකයි.  මම මගේ උදව්කරුවූ නිලධාරියා සමග බිම වාඩිවෙලා ඔහු සමග කතා කළා. සහරාන් දෙමළ භාෂාවෙන් කතා කළේ . මගේ උදව්කරුවූ නිලධාරියා පරිවර්ථක ලෙස කටයුතු කළා.

මුස්ලිම් සංස්කෘතිය තිබෙන්නේ කොහොමද? කියල එයා සඳහන් කළා. ඒත් එක්කම ඔහු පැවැසුවා අනිත් ජාතීන්ගෙන් ඒ අයට අසාධාරණ වෙනවා කියල. බොදු බල සේනා වැනි සංවිධාන ගැන ඔහුගේ අදහස කුමක්ද කියන එක පැහැදිලි කළා. එසේම ඒ අයට ආධාර ලැබෙන්නේ කොහාමද? ආදී කරුණු බොහොමයක් ගැන කථාබහ කළා.

ලංකාවේ මුස්ලිම් ජනතාව හිරිහැරයට ලක්වන බව ඔහු සඳහන් කළා. බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නැති බවත් කීවා. උදාහරණයක් ලෙස මියන්මාරයේ රොහින්‍යා මුස්ලිම්වරුන්ට අත්ව තිබෙන තත්ත්වය ගැන පැහැලි කළා. ලංකාවේ මුස්ලිම්වරුන් ගැන කථාකරන්න මාධ්‍ය නිදහසක් නොමැති බවට වූ මතයක ඔහු සිටියා. ආණ්ඩුව සිංහල අන්තවාදී සංවිධාන වන බොදු බල සේනා, රාවණා බලය මර්දනයට කටයුතු නොකරන බවත් කීවා.

පාඨලී චම්පික රණවක මුස්ලිම් අන්තවාදය ගැන ලියපු පොතක් තහනම් කරන්න ඕනේ කියල ඔහු ඉල්ලා සිටියා. එයා කියනවා මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැහැ අනිත් සංස්කෘතින් සමග එක්වීමට කියලා.. ඒ වගේම තමයි මුස්ලිම්වරුන්ගේ අල්කුරාණය ෂරියා නීතිය භාවිතා කිරීමට අවශ්‍ය බව දැඩිලෙස ඉල්ලා සිටියා.

ඒ වෙලාවේ මම ඔහුගෙන් ඇහුවා වසර 10 කට පෙර බොදුබල සේනා සහ රාවණා බලය වැනි සංවිධාන නොතිබුණු බව. ඒ වෙලාවේ නිශ්චිත පිළිතුරක් ඔහු නොදක්වා එය මගහැරියා. ඔහු බලා පෙරොත්තු වුනේ මුස්ලිම්වරුන්ට ස්වාධීන අනන්‍යතාවක්. එයාට ඕනේ වුනේ ශ්‍රී ලංකිකයෙක් ලෙස පෙනී සිටීමට නොව, එයාල සෞදි අරාබිය සමගයි බද්ධව සිටියේ.

මට අවශ්‍ය වුණා මෙම නිබන්ධනය පොතක් ලෙස එළිදක්වන්න. මම ඉහළ නිලධාරීන්ගෙන් 2015 වසරේදී ඒ සම්බන්ධයෙන් උපදෙස් පැතුවා. ඒ වෙලාවේ ඉහළ නිලධාරීන් මට දැනුම් දුන්නේ නිබන්ධනය පොතක් ලෙස ඉදිරිපත් කළහොත් යුධ හමුදාවෙන් පවා මට ඉවත්ව යන්නට සිදුවනු ඇති බවයි. රැකියාව අහිමිවෙතැයි කීවා. ඒ නිසා මම පොතක් ලෙස මෙය එළිදක්වන්න තිබුණු උවමනාව පැත්තකට දැමුවා. ඒත් මට හිතුනා මෙම නිබන්ධනයේ අන්තර්ගතය කොමිසමට යම් උදව්වක් වේවි යැයි කියල. ඒ නිසයි මම මෙය කොමිසමට ඉදිරිපත් කළේය.

2015 වසරින් පස්සේ ඒ පැවැති ආණ්ඩුවේ ප්‍රමුඛතාවය තිබුනේ සහජීවනය පැත්තට. මේ වගේ දේවල්වලට තිබ්බ අවධානය අඩුයි.  රාජ්‍ය බුද්ධී සේවයේ අධ්‍යක්ෂ, සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂට මේ  ගැන කියන්න උත්සාහ ගත්තත් ඒත් ඊට අවධානය යොමු වුනේ නැහැ. ඒකට හේතු වන්න ඇත්තේ මෙවැනි දේවල්වලට එකල පැවැති ආණ්ඩුවේ ප්‍රමුඛත්වය නොතිබුණු නිසා වෙන්න ඇති.

නිබන්ධනය සකස් කිරීමේදී මම මද්‍රසා පාසල්වලට පවා ගියා. එම පාසල් දැඩි පාලනයකට නතුකරලයි තියෙන්නේ. ඒවාට විශාල මුදල් ලැබෙනවා.

ගම දුප්පත්, පල්ලිය විශාලයි. පොහොසත්

Tags: විශේෂ
Share80Tweet43
Previous Post

“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

Next Post

ආසාදිතයින් තව වැඩි විය හැකියි… අනිල් ජාසිංහ කියයි..

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.