කීර්ති ප්‍රනාන්දු –
පාසල් වයසේ තරුණයෙක් යෙදාවා අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් පාසල් සිසුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළි කරගෙන තිබේ.
මෙම 18 හැවිරිදි තරුණයා මත් කරල් 120ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සහ මිලි ග්‍රෑම් 580ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මිල්ලෙනිය පොලිසියට භාර දී තිබේ.
මෙම දරුවා පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ යොදවා ඇත්තේ එම දරුවාගේ මව විසින් බව හෙළි වී තිබේ.
මේ වනවිට එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මිල්ලෙනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.