අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් ක්‍රිකට් අලුත් වෙයි… මහනුවර යෞවනයෝ KSPL  ක්‍රිකට් සැණකෙළියට  සැරසෙති…

by editor
මාර්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර පාසල් අතර සංවිධානය කෙරෙන ප්‍රමුඛතම   අන්තර් පාඨශාලීය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වූ  KSPL  ( Kandy Schoolls Provincial Level) තරගාවලිය අප්‍රේල් 1, 2 සහ 3 තෙදින තුළ මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ජාතික තලය සඳහා විශිෂ්ටම ක්‍රීඩකයන් සොයා යෑමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ නව ආලෝකයක් දල්වමින්  දෙවන වරට පැවැත්වෙන  මෙම විස්සයි 20 තරගාවලිය තුළ    ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත මහනුවර   ප්‍රමුඛම පාසල් 08ක් තරග වදිති. මේ පාසල් අන්තර්ජාතික තලයේ ක්‍රිකට්  ක්‍රීඩකයන් බිහි කිරීමේ ඉතිහාසයක් සහිත පාසල්ය.  

ත්‍රිත්ව විද්‍යාලය,  ධර්මරාජ විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය,  සිල්වෙස්ටර් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, සුමංගල විද්‍යාලය සහ රාහුල විද්‍යාලය මෙම තරගාවලිය තුළ තරග වදිති.

පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට සංවිධානය කර ඇති තරගාවලියේ මූලික වටයේ සෑම තරගයක්ම දිනයේ   පෙරවරුවේ සහ පස්වරුවේ පැවැත්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරගාවලි  කාලසටහන

සෑම දිනකම පෙරවරු 8.30 ඉසව්ව ආරම්භ වන වෙලාව ලෙස දක්වා තිබේ.

අප්‍රේල් 01 –  තරගාවලිය ආරම්භවන්නේ අප්‍රේල් මස 01 වැනිදාය. එදින

  • පෙරවරුව – රාහුල විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය පැවැත්වේ.
  • පස්වරුව –     සිල්වෙස්ටර් විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය අතර තරගයයි.

අප්‍රේල් 2   –  තරගාවලියේ දෙවන දිනයයි. එදින

  • පෙරවරුව සුමංගල විද්‍යාලය සහ   ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය පැවැත්වේ.
  • පස්වරුව – ශාන්ත අන්තොනි විද්‍යාලය සහ  විද්‍යාර්ථ‍ විද්‍යාලය අතර තරගය පැවැත්වේ

අප්‍රේල් 03 – අවසන් මහා තරගය පැවැත්වෙයි

දෙවනවරට පැවැත්වෙන KSPL – මහනුවර අන්තර් පාඨශාලීය විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මුල් වරට ආරම්භ වන්නේ වර්ෂ 2019 දී ය. මෙවැනි තරගාවලියක් පිළිබඳ අදහස    කඳුරට ගුවන් විදුලියේ  ඉන්දික විජේසිරිගේය.

වර්ෂ 2019 පළමු තරගාවලියෙන් අනතුරුව   ලෝකය වෙලාගත්  කොවිඩ් උවදුර හේතුවෙන්    තරගාවලිය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

KSPL
KSPL 2022.. අතීත මතක සමගින්…

KSPL තරගාවලිය දෙවන වරට සංවිධානය වන්නේ දැඩි සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමිනි. දිනකට සහභාගීත්වය උපරිමය ප්‍රේක්ෂකයන් 700කට සීමා කර ඇත.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම  යටතේ   “Cardiff Globle  Service“ ඉසව් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට එෆ්.එම් ගුවන් විදුලි සේවාවත්,  පාසල් ක්‍රිකට් සම්බන්ධව වගකීම් දරන බලධාරීනුත්   එක්ව මෙම ප්‍රාදේශීය පාසල් ක්‍රිකට් ලීගය  සංවිධානය කරනු ලබයි.

තරගාවලිය සංවිධානයේ දී ඉන්ෆොටෙක් ආයතනයේ සාමාන්‍යාධිකාරී අජිත් ද සිල්වා, මිස්ටර් මැක් ආයතනයේ ප්‍රධානී සංජීව සුරවීර, මහනුවර ආසිරි රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් මහවත්ත එක්වී සිටිති..

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩා ඉසව්ව ප්‍රචලිත කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් කිව්ව අයි.එම්.එෆ් “ඩ්‍රාෆ්ට් එකේ“  ඇත්ත ආචාර්ය හර්ෂ  හෙළි කරයි!

Next Post

ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් නැති –  මැති ඇමති ගුවන් සවාරි නවතී – ගුවන් හමුදාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.