ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් ගේ පැමිණීම අනිවාර්ය කරමින් විශේෂ දැනුම් දීමක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විසින් සිදු කරනු ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ලබන 24 වැනිදා සම්මත කිරීමට සූදානම් වන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව ඉලක්ක කරමින් මෙලෙස මන්ත්‍රිවරුන් රඳවා ගැනීමට අදාළ දැනුම් දීම සිදු කර ඇති බව සඳහන් වේ.
මේ අනුව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය මඟින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන්ට සැසිවාර සඳහා සහභාගී වීම අනිවාර්ය කරමින් ඉරි තුනේ විශේෂ ලිපියක් යවා ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති මන්ත්‍රිවරයකු පවසා තිබුනේ මෙලෙස ඉරි තුනේ ලිපියක් මන්ත්‍රීවරුන් සඳහා යැවෙන්නේ අයවැය විවාදය හෝ රජයට අදාළ විශේෂ පනතක් සම්මත කර ගැනීමේ විශේෂ අවස්ථාවකදී පමණක් බවය.
මේ වැදගත්කම ඉස්මතු කරමින් යවන ලද ලිපියට අනුව සියලුම් මන්ත්‍රීවරුන් එම සැසිවාර සඳහා සහභාගී වීම අනිවාර්ය වන අතර ඔවුන් යොදාගෙන තිබූ සියලුම විදේශ ගමන් ඇතුළු වෙනත් කටයුතු අවලංගු කිරීමටද කටයුතු කෙරෙනු ඇත. මේ වනවිටත් අමත්‍යවරුන් කිහිප දෙනකු විදේශගලමන් යොදාගෙන සිට ඇති අතර ඔවුන්ට එම ගමන් අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා විසින් දනුම් දී ඇති බවද ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.
ජනක රත්නායක සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව සඳහා මන්ත්‍රිවරුන් 113ක වැඩි ඡන්දයක් අවශ්‍ය වන අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ සඳහා සහය ලබා ගැනීම් අරමුණින් සිටින වෙනත් මන්ත්‍රිවරුන් සමඟද මේ වවිට සාකච්ඡා පවත්වමින් අදල බහුතර මන්ත්‍රි සංඛ්‍යාව තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.







