අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාර්ලිමේන්තුවට එන්න  උගත්කමයි බුද්ධිමත් කමයි තිබුණට මදි…  

උගත් බුද්ධිමත් රටට ආදරේ මිනිස්සු මෙවර පාර්ලිමේන්තුවට එවන්න... රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

by editor
ජූලි 18, 2020 - Updated on ජූලි 19, 2020
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

රටේ දැනට පවතින දේශපාලන තත්වය හා ඉදිරි ගමන්මග පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සමග ලංකාසර කළ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය . රටේ ආරක්ෂක ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ ඔබ දේශපාලනය තෝරා ගැනීමට කිසියම් සුවිශේෂී කාරණාවක් තිබෙනව ද?

පිළිතුර – ඒහෙම සුවිශේෂී හේතුවක් නැහැ.

ප්‍රශ්නය.-  ඇයි ඔබ දේශපාලනය තෝර ගත්තේ…

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පිළිතුර – දේශපාලනයට පිවිසෙන්න මුලින්ම මගෙ කැමැත්තක් තිබුණෙ නෑ… නමුත් පසුකාලීනව මම හිතුවා දේශපාලනයට ගියොත් රට වෙනුවෙන් තවත් සේවාවක් සිදුකළ හැකියි කියලා.  ඒ් අනුව මා දේශපාලනය තෝරාගත් බව කිව යුතුයි.

ප්‍රශ්නය – කොහොමද ඔබ දේශපාලනයට ප්‍රවේශ වෙන්නේ… කවුද ඔබට උදව් කළේ…

පිළිතුර – ග්‍රාම ආරක්ෂක සේවය මට භාර දුන්නා… මම පැවරූ වගකීම නිසි ලෙස ඉටු කළා.

සේවා කාලය තුළ නැගෙනහිර අම්පාර ප්‍රදේශයේ මායිම් ගම්මානවල ජීවත්වන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරදීම සඳහා මා කැපවුණා.  එදා නැගෙනහිර පළාතෙ අරන්තලාව භික්ෂු ඝාතනය, ගෝනගල මනුෂ්‍ය ඝාතනය, අතුළු අමානුෂික සිද්ධීන් ගනනාවක් සිදුවෙමින් පැවතුණා.   සිංහල හා මුස්ලිම් ජනතාවගේ ජීවිතවලට ත්‍රස්තවාදීන්ගේ තර්ජන එල්ල වුණා. අති විශාල පිරිසක් ඝාතන උනා. නමුත් ඒ් වගේ තර්ජිත  ජන ජීවිත ආරක්ෂා කරදීමට ඔවුන්ට ජීවත්වීම සඳහා ශක්තියක් දීමට මට හැකි වුණා.

එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව  භාර දුන්නා . ඒ් අනුව සිවිල් ආරක්ෂක නිලධාරීන්ට නිල ඇඳුමක් ලබදා ඔවුන් ඒදා පාවිච්චි කළ අවි වෙනුවට නවීන අවි ලබා දුන්නා. ඔවුන්ව ප්‍රතිසංවිධානය කළා. සිවිල් ආරක්ෂක හමුදාවට පිළිගැනීමක් ඇති කළා.

මෙලෙස නැගෙනහිර පලාතේ රැඳී සිටිමින් එහි කටයුතු කළ නිසා ඒ් පළාතේ ජනතාව තුළ ඒ් කෙරෙහි විශ්වාසයක් ගොඩනැගුනා. අදටත් ඒ් විශ්වාසය තියනවා. ඒ් නිසා තමයි මට නැගෙනහිර පළාතේ දේශපාලනය කරන්න ආරාධනා කරන්නෙ. මේ වනවිට මා ඒ් ගමනේ විශාල දුරක් ඇවිත් තියන බව කිවයුතුයි.

ප්‍රශ්නය – අද මේ රටේ මිනිස්සු දේශපාලඥයින් පිළිකුල් කරනවා. ඡන්දය පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කරනවා. මේ තත්වය ඔබ දකින්නෙ කොහොම ද?

පිළිතුර – මේ සඳහා දේශපාලඥයන්ගෙ හැසිරීම හා ඔවුන්ගේ ක්‍රියා කලාපය බලපානවා. ඒ් හැම ක්ෂේත්‍රයකම ඉන්න එක් අයෙක් දෙන්නෙක් නිසා මුලු ක්ෂේත්‍රයටම පහර වදිනවා. අද මේ රටේ දේශපාලනයේ තත්වය එයයි.

හොඳ මිනිස්සු දේශපාලනයට පැමිණිය යුතුයි. මේ රටේ නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් දේශහිතෛශී මිනිස්සු පත් විය යුතුයි.  දේශපාලඥයින්ට බැනලා කිසිදු පලක් නෑ. දේශපාලඥයින් දූෂිත නම් ඒ් අය පාර්ලිමේන්තුවට පත් කර එවන ජනතාවත් ඊට වගකිව යුතුයි.  අද සමහර පුද්ගලයින් ඡන්දය පාවිච්චි කරන්නේ නෑ කලකිරීම් නිසා කියලා. මා හිතන්නෙ ඒ් අය සමාජ වගකීමක් පැහැර හරිනවා කියලයි. මා හින්නේ ඡන්ද දායකයගෙ වගකීම දේශපාලකයින් දූෂිත නම් හොඳ අය පාර්ලිමේන්තුවට එවීමයි.

ප්‍රශ්නය – උගත් බුද්ධිමත් අයට ඡන්දය ලබා දී ඔවුන් පාර්ලිමේන්තුවට එවීමෙන් පමණක් මේ දේශපාලන ප්‍රවාහය වෙනස් කළ හැකි බවට ඔබට විශ්වාසයක් තියනව ද?

ප්‍රශ්නය – නැහැ. කිසිසේත්ම නැහැ. නමුත් උගත් බුද්ධිමත් අය මෙවර පාර්ලිමේන්තුවට පත්කළ එවිය යුතුයි කියා ජනතා මතයක් රටේ ගොඩනැගිලා තියනවා. ඒ මතය ඇතිවී තිබෙන්නෙ පසුගිය යහපාලන සමයේ සාමාන්‍යපෙළවත් සමත් නොවුන අය  පාර්ලිමේන්තුවෙ සිටි බවට චෝදනා තිබුණු නිසා. එය ඇත්ත ද නැද්ද කියන එක මා දන්නෙ නැහැ. නමුත් එහෙම මතයක් තිබුණා.

උගත් බුද්ධිමත් අයට පාර්ලිමේන්තුවට එවිය යුතුයි කියන මතය මම පිලිගන්නෙත් නැහැ. උගත් බුද්ධිමත්කම් විතරක් මදි. ඔවුන් රටට ආදරය විය යුතුයි. එවැනි පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට පත් කර එවන්න කියලා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය – සංවර්ධනය වෙමින් පවතින මේ රට සංවර්ධිත රටක් බවට පත් කර ගන්න අපට ඡන්දය දෙන්න කියලා 1956 සිට මේ දක්වා දේශපාඥයින් කියනවා. අදත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. අදත් ඔබ ඡන්දය ඉල්ලන්නෙ රට සංවර්ධනය කරන්න

පිළිතුර – ඔබ ඔය කියන ගමන සාර්ථකව ඉදිරියට ගොස් ඉලක්ක ලඟාකරගන්න නම් පාලකයන් අවංක විය යුතුයි. ඔවුන් දේශ හිතෛශී විය යුතුයි. එවැනි අය විරලයි. නමුත්  එවැනි නායකයෙක් අද සිටිනවා.  ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ලෙස ජනතාව පත්කරගෙන ඉන්නේ මේ නිසයි.

අපේ රට ඉතා ඉක්මනින් සංවර්ධිත රටක් බවට පත් කළ හැකියි. අපේ රට වටා පිහිටා තිබෙන සාගරයෙන් අපි ප්‍රයෝජන ගන්නෙ නැහැ.  එහි මොනතරම් සම්පත් තිබෙනව ද?

රට වටා මුහුදක් තබාගෙන අපි පිටරටින් ලුනු ගෙන්වන ජාතියක්. තාම ටින් මාලු ගේන්නෙ පිටරටින්. මේව රට තුළ නිශ්පාදනය කළ හැකියි. ඒත් ඒ සඳහා වැඩපිළිවෙළක් අප සතුව නෑ.

ඒ වගේම දේශීය සම්පත් අප ප්‍රයෝජනයට ගන්නෙ නෑ. ලෝකයේ හොඳම ගුණාත්මක ඛණිජ සම්පත තිබෙන්නෙ අපේ රටේ. අපි ඒව අමුද්‍රව්‍ය ලෙස පිටරටවලට සොච්චමට පටවනවා හැරෙන්න නිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ.  අපේ රටේ නිදන්ගත වූ මැණික් තිබෙනවා. මේ සියල්ල ප්‍රයෝජනයට අරගෙන රට දියුණු කළ හැකියි. ඒ සඳහා නිසි සැලැස්මක හා ඒවා රටට හිතෛශී ලෙස කළමනාකරණය කරගත හැකියි. එවැනි පාලනයක් රටට අවශ්‍යයි. අද මේ රටට ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා…

ප්‍රශ්නය – දේශීය සම්පත් ප්‍රයෝජනයට ගෙන මේ රට දියුණු කරන්න පුලුවන් තාක්ෂණය අප ලඟ තිබෙනව ද?

පිළිතුර – ඔව්… ඒ සඳහා අවශ්‍ය සම්පත් හා තාක්ෂණය අප සතුව තිබෙනවා. නමුත් ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට ගත් බවක් පෙනෙන්න නැහැ. නූතන කර්මාන්ත විප්ලවයට පෙර  සිට  අපේ රට යකඩ සොයාගෙන ඒවා උණුකර  කඩු නිශ්පාදනය කළා. ලංකාවේ කඩු අපනයනය කළා. එදා අපේ රටේ යකඩ තාක්ෂණය ගැන ඇමරිකාව එංගලන්තය වැනි රටවල්වල අය මෙහි පැමිණ පරීක්ෂණ කරනවා. එදා අපට තිබුණු තාක්ෂණය අනන්‍ය එකක්. සීගිරිය ගල උඩට ජලය අරගෙන ගියෙ කොහොමද?.

යෝධ ඇල සැතපුම් 57ක් දිගයි. පළමු සැතපුම් 17 බෑවුම සැතපුමට අඟල් හයයි. එවැනි තාක්ෂණයක් අද ලෝකයේ විශ්මයට පත් කරනවා. ඒ කියන්නෙ සමෝච්ඡ සැලසුම් මෙන්ම ත්‍රිකෝණමිතික  ගණිතමය අවබෝධය සහිත පිරිසක් මේ රටේ ඉඳලා තියනවා කියන එකයි.

ඒවගේ වාස්තු විද්‍යා ඤාණය… තිරියාවෙ වටදාගෙය බලන්න. මහා දාගැබ් බලන්න. එම වාස්තු විද්‍යාත්මක න්‍යාය අතිශයින්ම සංකීර්ණයි.  මෙවැනි තාක්ෂණයක් තිබුණු අපේ රට දියුණු වුනේ නැත්තෙ ඇයි කියලා වෙනම කල්පනා කළ යුතුයි.

කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී මාසයක් ගතවෙන්න කලින් අපේ තරුණයෙක් රොබෝ කෙනෙක් නිශ්පාදනය කළා. ඔහු එම නිශ්පාදනය කළේ ඔහුට ඒ අවස්ථාව ලබා දුන් නිසයි… අද කොරෝනා රෝගියෙක් ලඟට ඖෂධ  ගෙනයන්නෙ නර්ස් නෝනා නෙමෙයි. රොබෝ කෙනෙක්.  එමෙන් අපේ රටේ හැදුවා ශ්වසන ආධාරක. දැඩි සත්කාර ඇඳන්…  හදවත නැවතුනාම  එය යළි ප්‍රාණවයත් කරන උපකරණ. මේ සියල්ල අපේ රටේ නිශ්පාදනය කළා. මෙවැනි පසුබිමක තිබෙන මේ පුංචි රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට නොහැකි වීම ගැන අප කණගාටු වෙනවා…

මීට කලකට පෙර කිඹුලා මාර්ක් උදැල්ල මෙරට නිශ්පාදනය කළා. රාණි සුවඳ සබන් අපි නිශ්පාදනය කළා. පැරකුම් උකුකිරි හැදුවා. යුනික් රේඩියෝව හැදුවා. අලියා ගිනිපටේටියේ සිට කැළණි ටයර් දක්වා බොහෝ දේ අපේ රටේ නිශ්පාදනය කළා. මේ නිශ්පාදන ආර්ථිකය පවත්වාගෙන ගියානම්  අපේ රට දියුණු රටක් බවට පත්වන්න ඉඩ තිබුණා.

මේ ඉලක්ක සාධනය කරගන්න නම් දේශ හිතෛශී මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතුයි….

Share69Tweet43
Previous Post

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝයි… යළි ඇරෙන්නේ 27 වැනිදා….

Next Post

නිරෝධායනයට යැවූ නුවර මේජර්වරයාගේ නිවස හොරු බිඳලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.