පානදුර පොලිසි තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.
කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් පොලිස් ස්ථානවලින් වාර්තා වීම නිසා මෙසේ වසා දමා ඇත්තේ පානදුර මූලස්ථාන පොලිසිය, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා වාද්දූව පොලිසිය ය. වාද්දූව පොලිසිය වසා ඇත්තේ අද උදෑසන වන අතර අනෙක් ස්ථාන දෙක ඊයේ සිට වසා දමා ඇත.
නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර පරිපාලන කටයුතු වෙනත් පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන කරගෙන යන බව පොලිස් මූස්ථානය පවසයි.







