ඊයේ (04) රාගම කුරුකුලාවේ නිවසක් වටලා ඩුබායි හි වෙසෙන කලන නැමැති පාතාල අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාලය රට තුළ මෙහෙයවන 27 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාරයේ සිටින පාතාල අපරාධකරුවෙක් වූ මාකිලංගමුවේ සංජීවගේ සමීප ගෝලයෙක්වන කලන සමග සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ රැසකට ද සමබන්ධ වී ඇති මෙම 27 හැවිරිිදි කාන්තාව ඉමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත.
2023.07.14 වන දින දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබිම හා 2023.08.12 වන දින මීගමුව වෙඩි තැබිමට අදාලව ගිනි අවි කලණ ගේ උපදේ මත සඟවා රැගෙන ගොස් ඇත්තේ මෙම කාන්තාව විසින් බව හෙළිදරව් වී තිබේ.
ඇය අත් අංගුවට ගෙන ඇත්තේ අයිස් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 490 ක් සන්තකයේ තබාගෙන සිටියදී ය. අත්අඩංගුවට ගත් ඉමා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.