පාකිස්ථාන මාධ්‍ය රජයේ හෝ පළාත් ආණ්ඩුවේ කිසිඳු විධිමත් නියෝගයකින් තොරව බලුකිස්ථානයේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුපෙන් අඩක් කපා ගැනීමට පියවරගෙන ඇති බවට අනාවරණය වේ.
අදාල වැටුප් කප්පාදුව සිදුකර ඇත්තේ තුර්කයේ භූකම්පාවෙන් විපතට පත්වූන්ට සහන දීමට බවත් කප්පාදුවට ලක්වූ මුදල් අරමුදලක් ඔස්සේ තුර්කයට ලබාදීමට නියමිත බවදට සඳහන්ව ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම වැටුප් කප්පාදුව සිදුව ඇත්තේ පාකිස්ථාන තුල දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක වන අතරම එරට රජයට දැඩි දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකදීය. මෙම වැටුප් කප්පාදුවට බලුකිස්ථානයේ රාජ්‍ය නිලධාරීන් සිය දැඩි විරෝධය පළකර ඇති අතර එහිදී සිය බලවත් අප්‍රසාදය පළකර ඇත.
මෙහිදී විරෝධතාවයේ නිතරවූ නිලධාරීන් පෙන්වා දී ඇතතේ පාකිස්ථානය තුල සියය තිහකට අධික උද්දමනයක් වාර්තාවන අවස්ථාවක තම වැටුපෙන් අඩක් කිසිඳු පෙර දැණුම්දීමකින් තොරව කපා හැරීම බලවත් අසාධාරණයක් බවයි. එම නිලධාරීණ් පෙන්වා දෙන ආකාරයට තම එකම ආදායම් මාර්ගය වැටුප බැවින් තම දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක්ද මේවන විට නිර්මාණය වී තිබේ.
වෙනත් පළාත් ආණ්ඩු විසින් එම ප්‍රදේශ වල සිටින රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකර නොමැති බැවින් මෙම අසාධාරණ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් මධම රජයට අභියාචනයක් යොමු කරන බවද අදාල රාජ්‍ය නිලධාරීන් වැටදුරටත් සඳහන් කරයි.







