පාකිස්ථාන රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් සහය ඉල්ලා අවමානයට පත්වීමට හැර වෙනත් විකල්පයක් නොමැති බව එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරයි. හිටපු අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේ ඉකුත්දා ලාහෝර් හි පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවකදී මාධ්‍යෙව්දීන් ඇසූ පැනයකට පිළිතුර වශයෙනි.
මැතිවණයක් පැවැත්වීමට වාර්ථමාන පාකිස්ථාන රජය අකමැති බවත් පවතින තත්ත්වය හමුවේ ඔවුන් පරාජය වන බවට ඔවුන් දන්නා බැවින් ඔවුන්ගේ කකුල් වේව්ලීමට පටන්ගෙන ඇති බවද ඛාන් එහිදී ප්‍රකාශ කර තිබේ. මේ වන විට පාකිස්ථානයට ඉකුත් වසරේ ඇති වූ දරුණු ගංවතුරින් බලපෑමට පත්වූ ජනතාවට සහන සැපයීමට රජයට නොහැකි වී ඇති බවටද ඛාන් චෝදනා කළේය.
එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය, “පවුල් දෙකක් වසර 30 ක් තිස්සේ රට කොල්ලකමින් ඉන්නවා.. පකිස්තාන ජාතිකයන් හත්ලක්ෂ පනස් දහකට වැඩි පිරිසක් රට හැර ගොස් තිබෙනවා. මේ සන්ධාන ආණ්ඩුව යටතේ පාකිස්ථානය යන්නේ කොතැනටදැයි බියක් ඇතිවෙලා තිබෙනවා.
මෙහිදී ඛාන් තම පාලන සමයේදී ජනාතාවට ලබාදුන් සහන සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් අදහස් දක්වා තිබිනි. ″අපේ රජය පැවති කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වටිනා කොරෝනා එන්නත ඇණවුම් කර නව රැකියා ලබා දුන්නා. “ඔයා ෆේල්” කියලා අපිට පුන පුනා කීවා.″
තම රජය පෙරලා දමා බලයට පත්වූවන් මේවන විට පාකිස්ථානය දරුණු ආර්ථික අගාදයකට ඇද දමා ඇති බවත් ඉතිහාසයේ ඉහළම උද්දමන තත්ත්වය මේවන විට වාර්තා වන බවද හෙතෙම පැවසීය.









