බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පාකිස්ථානයේ සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් වහාම ගෙන්වන්න”

by Lanka Sara Editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ රැකවරණය තහවුරු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා අවධාරණය ක‍ර තිබේ.

පාකිස්ථානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පාකිස්ථානු රජය සූදානම් නැත්නම් එහි සිටින ලාංකිකයන් වහාම ලංකාවට කැඳවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

ආගමික උමතු අන්තවාදය පරාජය කිරීමට පෙරට එන ලෙස ලෝකවාසීන්ට ආරාධනා කරන බව ද ඔහු කියාසිටියි.

පකිස්ථානයේදී ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ප්‍රියන්ත දියවඩනගේ මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“මේ අන්තවාදය මොන තරම් ම්ලේච්ඡද? මිනිසුන් ඝාතනය කරන්න, ඝාතනය කර ගිණි තබන්න, ගිණි තබා ඔල්වරසන් දෙන්න තරම්ම උමතු ම්ලේච්ඡ තැනකට අන්තවාදය තල්ලුවී තිබෙනවා. ප්‍රියන්ත සොහොයුරාගේ ඝාතනයෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේත් ලෝකයේත් මානවවාදයට ගරු කරන, මිනිස් සංහතියේ අනාගතය ගැන විශ්වාස කරන සෑමදෙනාම උමතු ම්ලේච්ඡ අන්තවාදයට එරෙහිව පෙරට ආ යුතු බවයි.

ආගමික නායකයින්ට මෙහිදී විශාල කාර්යභාරයක් තිබෙනවා. සෑම ආගමක්ම තමන්ගේ අධ්‍යාත්මයේ හිත සුව පිණිස නිර්මාණයවී තිබුණත් ඒ ආගම්වලට මුවාවී අන්තවාදයේ දිශාවට ගමන් කිරීම නිසා මෙවැනි ඝාතනයන් සිදුකරමින් තිබෙනවා.
අපි එම ඝාතනය පිළිබඳව සංවේගය පළ කරනවා වගේම අද පාර්ලිමේන්තුවේදී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් පාර්ලිමේන්තවේ ඇතිවුණු විශේෂ තත්වයක් හේතු කොටගෙන ඒ අවස්ථාව වැළකී ගියා.

පාකිස්ථාන රජය මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. ඒ වගේම පාකිස්ථානයේ ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රැකවරණය සහතික කළයුතුයි. මෙහිදී ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් තිබෙනවා. පාකිස්ථානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න පාකිස්ථානු රජය සූදානම් නැත්නම් එහි සිටින ලාංකිකයන් වහාම ලංකාවට කැඳවිය යුතුයි. මෙවැනි ම්ලේච්ඡ ඝාතනයකට කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලක් නොවිය යුතුයි.

මෙවැනි අන්තවාදී උමතුවකට මෙයට පෙරත් ලංකාව මුහුණ දුන්නා. 2019 අප්‍රේල් 21වැනිදා ආගමික අන්තවාදයේ උමතුව පාස්කු ප්‍රහාරය හරහා සමාජයට නිරාවරණය වුණා. එහිදීී විශාල පිරිසක් ඝාතනයට ලක්වී තවත් පිරිසක් ආබාධිතත්වයට පත්වුණා. ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු ආගමික අන්තවාදයේ උමතුවට තවදුරටත් ගොදුරු නොවිය යුතුයි. ඒ වගේම යළි විවිධ අන්තවාදී ඝෝෂාවන් රට තුළ කරලියට එන බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා රජයටත් පුරවැසියන්ටත් අන්තවාදය පරාජයට පත්කිරීම, මර්දනය කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකළ යුතුව තිබෙනවා.

ප්‍රියන්ත සොහොයුරාගේ වෘත්තීයමය හැකියාව සහ දක්‍ෂතාවය පකිස්ථානයේ කර්මාන්ත ශාලා තුළ දියත් කරමින් තිබුණා. එවැන්නෙක් තමයි මේ ම්ලේච්ඡයන්ගේ ගොදුරු බවට පත්වුණේ. අපේ රටේ බලය ලබාගැනීම වෙනුවෙන් සහ බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් මෙවැනි අන්තවාදයන් නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩදී තිබුණා. පක්‍ෂයක් හැටියට අපගේ සංවේගය ප්‍රියන්ත සොහොයුරා වෙනුවෙන් පළකරනවා වගේම ආගමික අන්තවාදයේ උමතුව පරාජය කිරීම සඳහා අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම පාකිස්ථාන් රජයට අපි නැවත නැවතත් බලකර කියා සිටින්නේ මෙම අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි. ඒ වගේම මෙවැනි අන්තවාදයන් පරාජය කිරීම සඳහා ලෝක වාසීන්ට එකතු වන ලෙස ආරාධනයයක් අපි කරනවා.” යැයි ද මන්ත්‍රීවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුකී යලිත් සිපිරිගෙට

Next Post

ඉම්රාන් අගමැති නොකී කතාව ආරක්ෂක ඇමති කියයි! – ඝාතනයට හේතුව උග්‍ර ආගම්වාදී පෙළඹවීමක්…  

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.