පාකිස්ථානය තුල මේවන විට දැඩි අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඒ් අනුව එරට දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් හිඟයකට මුහුණ දී සිටින අතර කරච්චි හි ඖෂධ වෙළෙඳ පොලේ දැඩි හිඟයක් මේවන විට නිර්මාණය වී ඇති බවද ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේය.
මීට අමතරව අනෙකුත් ජීවිතාරක්ෂක ඖෂධවලට දැඩි හිඟය ද පවතින බවද අදාල පුවත් පත වැඩි දුරටත් සඳහන් කළේය. වාර්තා වන අන්දමට ඖෂධ සමාගම් විසින් ඖෂධයක මිල වැඩි කිරීමට අවශ්‍ය වූ විට ඔවුන් විසින් එහි සැපයුම අඩු කිරීම හෝ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හේතුවෙන් වෙළඳපොලේ ඖෂධ හිඟයක් නිර්මාණය කිරීමක් සිදු කරනු ලබයි.
ඒ් අනුව මෙම කෘත්‍රිම හිඟයකදී ඖෂධ අධික මිල ගණන්වලට අය කිරීම සිදුවේ. මෙම තත්ත්වය හමුවේ ඖෂධ සමාගම් කළු කඩ ව්‍යාපාරය බවට පත්ව ඇති අතර බොහෝ විදේශීය සමාගම් තම ආයෝජනයෙන් ලැබෙන අඩු ප්‍රතිලාභ හේතුවෙන් පාකිස්තානයෙන් තම ව්‍යාපාර ඉවත් කර ගෙන ඇති බව ඩේලි එක්ස්ප්‍රස් වාර්තා කරයි.
ඖෂධ මිල සහ තත්ත්ව අධීක්ෂණ ආයතනය මිල වැඩි නොකර ඖෂධවල ගුණාත්මකභාවය සහතික කරන්නේ කෙසේද සහ ව්‍යාජ සහ බාල ඖෂධ ජාවාරම සහ අලෙවිය නතර කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද ඩේලි එක්ස්ප්‍රස් සිය ලිපි මගින් දිගින් දිගටම බලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.