පාකිස්ථානය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද අතර මේවන විට ආරම්භ කර ඇති සාකච්ඡා බිඳ වැටිමේ අවදානමක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.
චීනය පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ඔස්සේ ඉඳි කළ බලාගාර වලට අදාල ණය මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් පාකිස්ථානය සහ චීනය අතර නිසි එකඟතාවයට පත්වීමට නොහැකිවීම මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් පාලන සමයේදී පාකිස්ථානය විසින් විශාල වශයෙන් චීන ව්‍යාපෘති එරට තුල ක්‍රියාත්මක කිරීපට පියවරගෙන තිබිණි. එම ව්‍යාපෘති බොහොමයක් චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව යටතේ ක්‍රියාත්මක විය. මෙලෙස ආරම්භ වූ ව්‍යාපෘති රැසක් දැඩි චීන ණය කොන්දේසි මත ක්‍රියාත්මක විය.
එහිදී චීන සමාගම් වලට දැඩි ලාභ අත්වන මෙන්ම ඉහළ ණය වාර්ක මෙයට ඇතුලත් විය. ඒ අනුව මෙම ණය වාර්ක සහ පොලී ගෙවීම් මූලික කරගෙන අදවන විට පාකිස්ථානය ශ්‍රී ලංකාව මෙන්ම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත.
මෙම තත්ත්වයෙන් මිදිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට පාකිස්ථානය පියවර ගත්තද එහි මූලික සාකච්ඡා වලදීම යෝජනා වූ ණය ප්‍රති ව්‍යුහ ගතකිරීමට පාකිස්ථානය මෙම ව්‍යපෘති හේතුවෙන් නොහැකි වී තිබේ.
එහිදී චීන පාර්ශවය විසින් ණය ප්‍රති ව්‍යුහ ගතකිරීම වලට අකමැත්ත පළකර ඇති අතරම ණය ගිවිසුම් සංශෝධනයටද අකමැත්ත පළකර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනු ලබන ණය ප්‍රතිව්‍යුහ ගත් කිරීම් කිරීමට පාකිස්ථානය අපහොස්ත්ව ඇත.
ඒ අනුම මෙම තත්ත්වය හේතුවෙන් පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.