පාකිස්තාන මුස්ලිම් ලීගයේ සභාපති ෂාබාස් ෂරීෆ් රටේ මීළඟ අගමැතිවරයා වනු ඇතැයි සින්ද් ප්‍රාන්තයේ අමාත්‍යවරයෙකු මෙන්ම , පකිස්ථාන මහජන පක්ෂයේ නායකයා ද වන මන්සූර් වසාන් අනාවැකි පළ කර ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
ඒ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට එල්ලවී ඇති විශ්වාසභංගයේ දී ඔහුට තනතුර අහිමීවමට පවතින දැඩි සම්භාවිතාවත් පවතින දේශපාලන ව්‍යාකූලත්වයත් මධ්‍යයේයි.
නිවේදනයක් නිකුත් කරමින් වසාන් කියා සිටින්නේ, පාලක ආන්ඩුවේ සභාග හවුල්කරුවන් වන පාකිස්තාන් මුට්ටාහිඩා කූමි ව්‍යාපාරය සහ පාකිස්තාන මුස්ලිම් ලීගය වත්මන් ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවට සහාය නොදැක්වීමටත් විපක්ෂයට එකතුවීමටත් දැනටමත් තීරණය කර ඇති බවයි.
මාර්තු 28 ට පෙර ඉම්රාන් ඛාන්ගේ පාලනය අවසන් වන බවත්, ඔහු බන්ධනාගාරගත කිරීමට පවා ඉඩ ඇති බවත් , බොහෝ විට අඩියාලා හෝ ඛයිර්පූර් මධ්‍යම සිරගෙදරට ඉම්රාන්ගේ නවාතැන වනු ඇති බවත් මන්සූර් වසාන් පවසා තිබේ.
විශ්වාසභංගය ජයගැනීමෙන් පසු විපක්ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඉන් පසුව මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් ෂාබාස් ෂරීෆ් අගමැති වනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.