ඊයේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයේ සිදුකළ පරීක්ෂණ සාම්ලය ප්‍රකාරව ප්‍රොෆේන් බියුටේන් ප්‍රතිශතය ඇත්තේ 49 හා 51 වශයෙන් බවත් එය මේ වනවිට ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඇතුළු රටේ දැනගත යුතු බොහෝ දෙනා දන්නා නමුත් ඒ සම්බන්ධව රාජ්‍ය ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් නොකරන්නේ කුමක් නිසාදැයි දැනගැනීමට කැමති බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල අද පාර්ලිමේන්තුවේ දී විමසුවේය.
ඊට පිළිතුරු ලබා දුන් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීවේ පරීක්ෂා කළේ නියැදි දෙකක් බවත් ඉන් ප්‍රතිඵල ලැබුනේ එක් නිදැදියක බවත්ය.
“ මේ වනවිට නියැදි 12ක් රසායනාගාරයට යවලා තියනවා. එහි සංයුති ප්‍රතිඵල අද 12ට කලින් දෙනවා කිව්වා. සිකුරාදා අප යැව්වේ නියැදි 2යි. ඒකෙන් එක වාර්තාවක් අපට එව්වා. අපි ඒ වාර්තාව මොරටවු විශ්විද්‍යාලයට යැව්වා.
මොරටුව විශ්විද්‍යලයෙ අය කිව්වෙ නිගමනයක් දෙන්න එක් වාර්තාවක් මදි. ඒ වගේම රජයේ ආයතනයක අධීක්ෂණය යටතේ සාම්පල ටිකක් අරගෙන එවන්න කියලා. ඒක මම මේ පාර්ලිමේන්තුවෙ කිව්වා. ඒක හංගන්න දෙයක් නෑ. ඒ වාර්තාව වගේම අලුතෙන් යැවූ වාර්තා 12ත් ආවට පස්සෙ මම ඒ ප්‍රතිඵලය සභාගත කරන්නම්.