මෝස්තර නිරූපිකාවක වන කේෂරි වැලිකලගේ මෙයට සුලු මොහොතකට සිය දිවියෙන් සමු ගත්තාය. මරණය සිදුවී ඇත්තේ සියදිවි හානි කර ගැනීමකින් බව ඇගේ සමීපතමයෝ පවසති.
දැනට වසර තුනක සිට මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළ කේෂරි ට එම අවස්ථාව හිමි වන්නේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සංවිධානය කළ ‘YOUNG BEAUTY 2018‘ තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය. මෙම සිය දිවි හානි කර ගැනීමට පැය කිහිපයකට පෙර ඇය සිය ෆේස් බුක් ගිණුමේ “ප්‍රමාද වී හෝ නිවරුදි දෑත තෝරා ගන්න යනුවෙන්“ සටහනක් එක් කර තිබුණි.
පසුගිය වසරේ පැවැති ‘Miss sri lanka 2019‘ තරගාවලිය නියෝජනය කරමින් අවසන් පස් දෙනා අතරට තේරි පත් වූ කේෂරි නුදුරේදිම රංගනයට පිවිසීමටත් සුදානම්ව සිටි බව ඇගේ සමිපතමයෝ පවසති.
ඇය අවසන් වරට සිය ෆේස්බුක් ගිණුමට එතු කළ සටහන් සහ ඡායාරූප පහතින් දැක්වේ.