-
තරුපන්තියේ හෝටල්වලට ගෙන්වාගෙන සියලු හැසිරීම් සහ කතා බහ පටිගත කරගෙන… වීඩියෝපට, හඬ පට විමර්ශන අංශ අතට…
තිළිණි ප්‍රිියමාලිගේ පැණි හැලියට වැටුණු අනාගත පොලිස්පතිවරු ලයිස්තුවේ සිටින නිලධාරීන් දෙපළක් සම්බන්ධව අතිශය පුද්ගලික වීඩියෝ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව කරන විමර්ශනවලින් හෙළිදරව් වී ඇතැයි වාර්තා වේ.
තරුපන්තියේ හෝටල්වලට ප්‍රියමාලිගේ ඇරයුමෙන් ගොස් ඔවුන් හැසිරී ඇති ආකාරයත්, කළ කී කතාබහත් සිය ජංගම දුරකථනයෙන් ඇය විසින් වීඩියෝගත කර සඟවා තබාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගේ දුරකථන හා පරිගණක උපාංග සම්බන්ධව සිදුකළ වෝහාරික පරීක්ෂණවල දී මේ සියලු වීඩියෝ පට සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම නිලධාරීන් සහ තිලිණි ප්‍රියමාලි අතර පැවති අතිශය පුද්ගලික හැසිරීම් සහිත වීඩියෝපට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය මේ වනවිට යොමු වී ඇත.
එම දර්ශන සහ හඬපට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයට ලක්වෙමින් ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම එක් නිලධාරියෙක් තිළිණි ප්‍රියමාලිගේ ආරක්ෂක උපදේශකයා ලෙස කටයුතු කර තිබේ.
ඇය විසින් සිය ගනුදෙණු කරුවන් වෙත ලබා දුන් රන් ආලේපිත පිත්ත පොලු රැගෙන යෑම සඳහා එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් විසින් පොලිස් ආරක්ෂාව ඇය වෙත ලබා දී ඇතැයි ද විමර්ශනවලින් හෙලි වී ඇත.
මෙම නිලධාරීන් සම්බන්ධව විමර්ශන අංශ තව දුරටත් පරීක්ෂණ පවත්වයි.