අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන් මරන්න” හිටපු රුසියානු ජනපති කියයි!

by lankasara-editor
මාර්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මොස්කව් ප්‍රහාරය සම්බන්ධ ව චෝදනා ලැබ බලධාරීන් යටතේ සිටින සියල්ලන්ම මරා දැමිය යුතු බව රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙඩ්විඩෙව් පවසා තිබෙනවා.

පසුගිය සිකුරාදා දින මොස්කව් හි ප්‍රසංග ශාලාවකට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් සහ මහ මොළකරුවන් අනුකම්පාවකින් තොරව මරා දැමිය යුතු බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ක්‍රොකස් සිටි ශාලාව තුළ වෙඩි තැබීමෙන් පසුව එම ස්ථානයට ගිනි තැබීම හේතුවෙන් පුද්ගලයින් 140 කට ආසන්න පිරිසක් මිය ගොස් 180 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුනා. ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු අධිකරණයේදී අපරාධ සම්බන්දය ගැන පාපොච්චාරණය කර තිබෙනවා.

ඩෙලෙර්ඩ්‍රොන් මිර්සෝයෙව් (වමේ ) සහ සයිඩාක්‍රමි මුරොදාලි රීචබලිසෝදා

ඔවුන් මැයි මස අග දක්වා අත්අඩංගුවේ රඳවා ගැනීමට නියමිතයි. ඔවුන් සියල්ලන්ම ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන නමුත් බොහෝ දෙනා ඔවුන්ට කුමක් කරන්නේ ද ඔවුන්ව මරා දමනවා ද යන්න පිළිබඳව තමාගෙන් ප්‍රශ්න කරන බව මෙඩ්විඩෙව් ඊයේ (25) එනම් සඳුදා සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් ඒ බව සඳහන් කරමින් ඔහු දක්වා තිබුනේ එය කළ යුතු සහ සිදු වන දෙයක් බවයි.

සම්බන්ධ වූ සියල්ලන් මරා දැමීම වඩා වැදගත් බවත් සියල්ලන් යනු මේ සඳහා මුදල් දුන් පුද්ගලයන්, චෝදනා ලැබූවන්ට අනුකම්පා කළ පුද්ගලයන්, උදව් කළ පුද්ගලයන් බවත් ඒ සියලු ම දෙනා මරන්න යැයි ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ෂම්සිදින් ෆරිදුනි (වමේ) සහ මුහම්මද්සොබීර් ෆයිසොව්

මෙඩ්විඩෙව් මීට පෙර ප්‍රකාශ කර තිබුනේ ත්‍රස්තවාදීන්ට තත්ත්වය වැටහෙන්නේ ඔවුන්ට ප්‍ර‍තිචාර වශයෙන් ත්‍රස්තවාදය යොදා ගත් විට බවත් එවැනි සාහසික ක්‍රියාවක් කළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඔවුන් සියල්ලන්ම ත්‍රස්තවාදීන් ලෙස සලකා අනුකම්පා විරහිතව විනාශ කළ යුතු බවත් ය.

ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරයට ගොදුරු වූ  එක් එක් පුද්ගලයා වෙනුවෙන් ම පළිගන්නා බව හිටපු රුසියානු ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ “දැන් අපගේ නෛතික සහ ප්‍රධාන ඉලක්කය මෙයයි” යනුවෙන් අවධාරනය කරමින්.

ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නේ 1996 වසරේ සිට රුසියාව තුළ තහනම් කර ඇති මරණීය දණ්ඩනය යළි නීතිගත කරන ලෙස රටේ නීති සම්පාදකයින් අතර වැඩෙන ඉල්ලීම් මධ්‍යයේ යි. රුසියානු අපරාධ සංග්‍රහයේ තාක්‍ෂණිකව මරණීය දණ්ඩනය සඳහා ප්‍රතිපාදන ඇතත් උසාවි මඟින් එවැනි දඬුවමක් නියම කිරීම තහනම් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් ආහාර වැඩසටහන ඇරඹේ!

Next Post

කෙහෙළියගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභා කරන්න… නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහාධිකරණයෙන් ඉල්ලයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.