මොස්කව් ප්‍රහාරය සම්බන්ධ ව චෝදනා ලැබ බලධාරීන් යටතේ සිටින සියල්ලන්ම මරා දැමිය යුතු බව රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙඩ්විඩෙව් පවසා තිබෙනවා.
පසුගිය සිකුරාදා දින මොස්කව් හි ප්‍රසංග ශාලාවකට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් සහ මහ මොළකරුවන් අනුකම්පාවකින් තොරව මරා දැමිය යුතු බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.
ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ක්‍රොකස් සිටි ශාලාව තුළ වෙඩි තැබීමෙන් පසුව එම ස්ථානයට ගිනි තැබීම හේතුවෙන් පුද්ගලයින් 140 කට ආසන්න පිරිසක් මිය ගොස් 180 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුනා. ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු අධිකරණයේදී අපරාධ සම්බන්දය ගැන පාපොච්චාරණය කර තිබෙනවා.
ඔවුන් මැයි මස අග දක්වා අත්අඩංගුවේ රඳවා ගැනීමට නියමිතයි. ඔවුන් සියල්ලන්ම ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන නමුත් බොහෝ දෙනා ඔවුන්ට කුමක් කරන්නේ ද ඔවුන්ව මරා දමනවා ද යන්න පිළිබඳව තමාගෙන් ප්‍රශ්න කරන බව මෙඩ්විඩෙව් ඊයේ (25) එනම් සඳුදා සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් ඒ බව සඳහන් කරමින් ඔහු දක්වා තිබුනේ එය කළ යුතු සහ සිදු වන දෙයක් බවයි.
සම්බන්ධ වූ සියල්ලන් මරා දැමීම වඩා වැදගත් බවත් සියල්ලන් යනු මේ සඳහා මුදල් දුන් පුද්ගලයන්, චෝදනා ලැබූවන්ට අනුකම්පා කළ පුද්ගලයන්, උදව් කළ පුද්ගලයන් බවත් ඒ සියලු ම දෙනා මරන්න යැයි ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙනවා.
මෙඩ්විඩෙව් මීට පෙර ප්‍රකාශ කර තිබුනේ ත්‍රස්තවාදීන්ට තත්ත්වය වැටහෙන්නේ ඔවුන්ට ප්‍රතිචාර වශයෙන් ත්‍රස්තවාදය යොදා ගත් විට බවත් එවැනි සාහසික ක්‍රියාවක් කළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඔවුන් සියල්ලන්ම ත්‍රස්තවාදීන් ලෙස සලකා අනුකම්පා විරහිතව විනාශ කළ යුතු බවත් ය.
ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරයට ගොදුරු වූ එක් එක් පුද්ගලයා වෙනුවෙන් ම පළිගන්නා බව හිටපු රුසියානු ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ “දැන් අපගේ නෛතික සහ ප්‍රධාන ඉලක්කය මෙයයි” යනුවෙන් අවධාරනය කරමින්.
ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නේ 1996 වසරේ සිට රුසියාව තුළ තහනම් කර ඇති මරණීය දණ්ඩනය යළි නීතිගත කරන ලෙස රටේ නීති සම්පාදකයින් අතර වැඩෙන ඉල්ලීම් මධ්‍යයේ යි. රුසියානු අපරාධ සංග්‍රහයේ තාක්‍ෂණිකව මරණීය දණ්ඩනය සඳහා ප්‍රතිපාදන ඇතත් උසාවි මඟින් එවැනි දඬුවමක් නියම කිරීම තහනම් කර තිබෙනවා.