දිනසේන රතුගමගේ –
ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත කැඳවනු ලැබූ තමන්ට හා තම සහෝදරියට පොලීසිය මානුෂික අන්දමට පහර දුන් බවට යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනයේ තෙලිප්පලෙයි පොලීසියට එරෙහිව ඊයේ ( 5 ) චෝදනා ඉදිරිපත් කොට තිබේ.
පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරයා හා ඔහුගේ සහෝදරිය යාපනය තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ ජෝන් ජිබ්‍රිකෝ නැමති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
යාපනයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳව ප්‍රශ්න කිරීම සදහා තමන්ට පොලීසීයට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේදී පොලීසිය තමන්ට හා තම සහෝදරියට පහර දුන් බවත් ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ පිළිබඳව පක්ෂය හරහා පොලිස්පතිවරයාට පමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කළේය.







