පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බහුතර බලය නැති කර භාරකාර රජයක් යටතේ පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ප්‍රධානම භික්ෂු නායකත්වයක් සහ අතිශය ප්‍රභල වෙනත් ආගමික නායකත්වයක පදනමක් සහිතව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි ඇතුළු කණ්ඩායමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
විපක්ෂයේ සියලුම පක්ෂ එකතු කරගන්නා අතරම ආණ්ඩු පක්ෂයේ කලකිරී සිටින සැලකිය යුතු පිරිසක් සමග මේ වනවිට ඉතාම තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
පොහොට්ටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පදනමක් සහිත මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ වනවිටත් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වී ඇති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් අවස්ථා ගණනාවක දී උදය ගම්මන්පිල ගණන් හදා පෙන්නුවේ ලඟදීම ආණඩුවේ බහුතරය නැති කරන බවය.