පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව දී තිබේ.
නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයන් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ ය.
සේවයට වාර්තා කරන පුද්ගලයන්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ.
නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පිටත සේවයේ නිරත වන රාජ්‍ය සේවකයන්ට අද දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව සඳහන් වේ.