අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු ආර්යා ඔටුන්න ගැලවෙන විට ධවල මන්දිරයේ නැටෙන මෙලනියා නාඩගම

by Lanka Sara Editor
නොවැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් ජයගත්ත ද, ලබන වසරේ ජනවාරිය දක්වා තම ධුර කාලය පවතින බැවින් ඩොනල්ඩ් ට්‍රම්ප් තව දුරටත් සිය ආධිපත්‍ය පතුරුවාලීමට පටන් ගෙන තිබේ. ඔහු රට හැර යන බවට සහ මෙලනියා ට්‍රම්ප් ඔහුගෙන් දික්කසාද වීමට මිනිත්තු ගණන් කරන බවට පළවූ සියළු පුවත් පුස්සක් කරමින් ට්‍රම්ප් – මෙලනියා යුවළ තව දුරටත් බයිඩ්න්ට විරුද්ධව ප්‍රකාශ පළ කරමින් සිටිති.

ස්ලෝවේනියාවෙන් අමෙරිකාවට පැමිණ එරට පළමු ආර්යාව වූ මෙලිනියා ද ගතිගුණ අතින් ඩොනල්ඩ්ට දෙවැනි නොවන බව පෙන්නුම් කරමින් ජනාධිපතිවරණයෙන් ජයගෙන අනාගත පළමු ආර්යාව බවට පත්වී සිටින ජෝ බයිඩ්න්ගේ බිරිඳ ජිල් බයිඩ්න්ට තවමත් සුබ පැතීම ප්‍රතික්ෂේප කරමින් සිටී.

ධවල මන්දිරයේ සම්ප්‍රදායට අනුව පළමු ආර්යාව ද එක්තරා අන්දමක තනතුරකි. සැමියා අභිනවයෙන් ජනපති ධුරයට පත්වෙද්දී පළමු ආර්යාව බවට පත්වන බිරිඳට හිටපු පළමු ආර්යාව සුබ පැතීම ආකාර කිහිපයකින් සිදුවන්නකි. බොහෝ අවස්ථාවලදී එවැනි කාන්තාවන්ට ධවල මන්දිරයේදී තේ පැන් සංග්‍රහයක් පවත්වා සුබ පැතීම ධුරයෙන් නික්ම යන පළමු ආර්යාවගේ සිරිතය. නොඑසේ නම් දුරකථනයෙන් හෝ සුබ පැතීමට ද කටයුතු යෙදෙයි.

මෙලනියා නම් පසුවන්නේ මේ දෙකෙන් කොයිකත් නොකරන ගාණටය. ඇය තව දුරටත් පළමු ආර්යාවගේ භුමිකාව රඟ දක්වමින් සැමියාට උඩගෙඩි දෙන අතර, විවිධ උත්සව සඳහා සහභාගි වෙමින් ගරු බුහුමන් ද ලබමින් සිටින්නීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු මෝස්තර නිරූපන ශිල්පිනියක වන මෙලනියා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තුන්වැනි බිරිඳය. ඇය මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නේ අවුරුදු 6 සිටය. එවකට ස්ලෝවේනියාවේ ළමා ඇඳුම් නිෂ්පාදනාගාරයක මෝස්තර නිරූපනයට එක්වූ ඇය පසුකාලීනව ඉතාලියේ මිලාන් නුවරත්, ප්‍රංශයේ පැරිස් නුවරත් මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙස කටයුතු කළාය. ඇය 1995දී නිව්යෝක් නුවරට සේන්දු වන්නේ එවකට ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබූ මෝස්තර නිරූපන කළමනාකරණ සමාගමකට බැඳෙන්නටය. අවසානයේදී ඇය නතර වන්නේ එහි හිමිකරු ද අයිති කරගනිමිනි.

තමාට වඩා වසර 24ක් වැඩිමල් ඩොන්ල්ඩ් ට්‍රම්ප් සමග ඇය අතිනත ගත්තේ 2005දීය. ඊළඟ වසරේ දී ඇය ඩොනල්ඩ්ට පුතකු තෑගි කළාය. ඒ වසරේදීම ඇයට අමෙරිකාවේ නිත්‍ය පුරවැසිභාවය ලැබුණු බව කියැවුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වතාවේ ජනපති පදවියට තරග කරද්දී එය දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මෙලනියා සිය සැමියාගේ ජනාධිපති ප්‍රචාරණ කටයුතුවල වැඩි බරක් කරට ගෙන සිටි අතර, සැමියාගේ ප්‍රතිවාදිනිය හිලරි ක්ලින්ටන්ගේ සහ ඇගේ පාර්ශ්වයේ දැඩි විවේචනයට ලක්වූවාය.

සැබැවින්ම මෙලනියා අතිශය සරාගී පෙනුමැති කාන්තාවකි. ස්ලෝවේනියාවේ, මිලාන් නුවර සහ පැරිස් නුවර මෝස්තර නිරූපනයේ නිරතව සිටි ඇගේ ජීවිතය ගෙවී ඇත්තේ කෙබඳු ආකාරයෙන් දැයි ඇගේ සරාගී පෙනුමෙන්ම අවබෝධ කරගත හැකි බවට එල්ලවූ මඩ ප්‍රහාර ද නිමක් නැති විය.

ඇය 1995දී අමෙරිකාවට පැමිණ ඇත්තේ වීසා නීති උල්ලංඝනය කරමින් බවට ද චෝදනා එල්ලවී තිබිණි. තමා අමෙරිකාවේ ආගමන හා විගමන නීති රෙගුලාසිවලට අනුකූලව ඉතාලි ජාතික ව්‍යාපාරිකයකුගේ අනුග්‍රහයෙන් පැමිණි බව කියමින් එහිදී මෙලනියා චෝදනාවලට පිළිතුරු බැන්ඳාය. එය සැබෑවකි. එම ඉතාලි ජාතිකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැරැණි මිතුරකු බව පසුව හෙළි විය. ඒ අනුව මෙලනියාට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තුන්වැනි බිරිඳ වීමට කපුකම කර ඇත්තේ එම ඉතාලි ජාතිකයා බවට සැකයක් නැත.

මෙලනියා නිරුවත් ඡායාරූපවලට ද පෙනී සිටි මෝස්තර නිරූපිකාවකි. ඇය එවකට 25 හැවිරිදි වියෙහි පසුවෙද්දී එක්තරා ප්‍රංශ සඟරාවක කවරයේ කතාවට නිරුවතින් පෙනී සිටි බව ඇය පිළිගත්තාය.

පසුගිය වසර කිහිපය තුළ අමෙරිකාවේ පළමු ආර්යාව ලෙස කටයුතු කළ එවැනි සංකර කාන්තාවකගෙන් ජෝ බයිඩ්න්ගේ බිරිඳට සත්කාර කිරීමක් හෝ සුබ පැතීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවට දැන් මත පළවෙමින් තිබේ.

බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියාට ධවල මන්දිරයට ඇරියුම් කර තේ පැන් සාදයකින් සංග්‍රහ කොට සුබ පැතුවාය.

මීට වසර 4කට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු එවකට හිටපු පළමු ආර්යාව බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා විසින් ධවල මන්දිරයට ඇරියුම් කර තේ පැන් සාදයකින් සංග්‍රහ කොට සුබ පැතීම දැන් මෙලනියාට අමතකව ඇතැයි ද විවේචන එල්ල වී තිබේ. ඒ වෙනුවට ඇය සිය කාර්යාලයේ නිලධාරින් සමග දෛනිකව රැස්වීම් පවත්වමින් තමා තවදුරටත් පළමු ආර්යව බව ඒත්තු ගැන්වීමට කටයුතු කරමින් සිටී.

 

අතීතයේදී ජිමී කාටර් ජනාධිපතිවරයාගේ බිරිඳ රොසලින් කාටර් සහ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ බිරිඳ නැන්සි රේගන් අතර ද එවැන්නක් සිදු නොවිණි. රොසලින් කාටර් එවකට පසුවූයේ නැන්සි රේගන් පිළිබඳ දැඩි කෝපයකින් යුතුව බවත් කියැවේ.

ජිමී කාටර් ජනාධිපතිවරයාගේ බිරිඳ රොසලින් කාටර් සහ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ බිරිඳ නැන්සි රේගන් අතර සම්ප්‍රදායික සුබපැතීමක් සිදු නොවිණි.

ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ බිරිඳ බාබරා බුෂ් සහ සහ බිල් ක්ලින්ටන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන් අතර ද සතුටුදායක හමුවක් සිදුවී තිබුණේ නැත. එම හමුව හා සුබපැතීම සිදු වූයේ ධවල මන්දිරයේ මිදුලේදීය.

ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ බිරිඳ බාබරා බුෂ් සහ සහ බිල් ක්ලින්ටන්ගේ බිරිඳ හිලරි ක්ලින්ටන් සුබපැතීම සිදු වූයේ ධවල මන්දිරයේ මිදුලේදීය.

නමුත් පසුකාලීනව ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ බිරිඳ ලෝරා බුෂ් සහ බැරක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා අතර ඉතා කුළුපඟව එම සම්ප්‍රදායික සුබපැතීම සිදුවී තිබීමත්, එය අනුගමනය කරමින් මිෂේල් ඔබාමා ද මෙලනියා ට්‍රම්ප් සඳහා එවැනි සුබ පැතීමක් සිදු කිරීමත් කැපී පෙනෙන්නකි.

ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ බිරිඳ ලෝරා බුෂ් සහ බැරක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා අතර ඉතා කුළුපඟව එම සම්ප්‍රදායික සුබපැතීම

සිය රටවැසියන්ගෙන් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ද ගරු බුහුමන් ලබමින් අති සුඛෝපභෝගී ධවල මන්දිරය තාවකාලික වාසස්ථානයක් මෙන්ම පළමු ආර්යාව තනතුර සදාකාලික තනතුරක් නොවූවත් සැමියා පරාජයට පත්වීමෙන් පසු එවැනි තේ පැන් සාදයක් පවත්වා අභිනව පළමු ආර්යාවට සුබ පැතීම එතරම් පහසු කාර්යයක් නොවන බවත් කිව යුතුය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීණ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි…

Next Post

ඇඟපත හැඩ කර අතපය හුරු කරන ස්විස් සුනඛයන්ගේ ව්‍යායාම පාසල…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.