බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඟපත හැඩ කර අතපය හුරු කරන ස්විස් සුනඛයන්ගේ ව්‍යායාම පාසල…

by editor
නොවැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර
ඡයාරූප – ශෂී සුබ්‍රමනියම්

බල්ලෙකු සමග ගමන් කරන කාන්තාවක් දකින සෑම විටකදීම මගේ මතකයට නැගෙන්නේ “බල්ලා සහ යුවතිය” නැමැති ලෝකප්‍රකට කෙටි කතාවය. රුසියානු ජාතික Anton Tchekhov (ඇන්ටන් චෙකෝව්) විසින් ලියන ලද එම කෙටිකතාව සැළකෙන්නේ ඔහුගේ වඩාත් ජනප්‍රියතම ආදර කතාව ලෙසයි. මෙම කෙටිකතාව මගේ සිතේ කොතරම් ගැඹුරට කිඳා බැස තිබිය ද කිවහොත්, බල්ලෙකු සමග ගමන් කරන කාන්තාවක් දකින සෑම විටෙකම එය මගේ මතකයට නැගේ.

බල්ලෙකු නොමැතිව ජීවත් වියහැකි වූවත් එය තේරුමක් ඇති දෙයක් නොවේ… මේ පුවරුවේ සඳහන් වන්නේ එයයි..

අද මා ඔබට කීමට යන්නේ එක් බල්ලෙකු හා යුවතියක් පිළිබඳව පමණක් නොවේ,  බල්ලන් හා යුවතියන් රැසක් හමු වූ අවස්ථාවක් පිළිබඳවයි .
“සොනෙට්” හා නරීනා පවත්වාගෙන යන “වී. අයි. පී පොට්ලි” නැමැති සුනඛ පාසල පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ග්ලාරුස් හී බුක්හෝල් ප්‍රදේශයේය. එය වර්ග මීටර් තුන්සියක් පමණ විශාලත්වයකින් යුත් ස්ථානයකි. සුනඛ පාසලට ඇතුළු සැනින් මට දක්නට ලැබුණේ බල්ලෙකුව සම්පූර්ණයෙන්ම සිය අණසකට නතු කරගත් කාන්තාවකගෙ දර්ශනයකි.

“ඇන්ජලා” සිටගෙන සිටියේ සිය දකුණු අත ඔසවා ගෙනය. හරියට කෙනෙකු මෝහනයට පත් කරන්නාක් මෙන්ය. ඇගේ ඉදිරිපිට වාඩි ගෙන සිටියේ “බේලීය”. “වාඩිගෙන සිට්යේ යන්න වැරදීමකින් ලියුවක් නොවේ” එම සුනබයා ඇත්තෙන්ම සිටියේ වාඩි ගෙන ය .
සුනඛ පාසලේ වම් පස කෙළවරේ ඔවුන් සිට් ස්ථානයට මා යන විට ඇන්ජලාගේ මෝහනය අවසන්ය.

ඇන්ජලා” සිටගෙන සිටියේ සිය දකුණු අත ඔසවා ගෙනය. ඇගේ ඉදිරිපිට වාඩි ගෙන සිටියේ “බේලීය”

” බර්ලී” (bailey) අද සිය භාර කාරිය වන ඇන්ජලා සමග පැමිණ සිටින්නේ “පිට්නස්” pitness කිරීම සඳහාය. සාමාන්‍යයෙන් මිනිසුන්ට පිට්නස් pitness අවශ්‍ය විය හැකිය .එහෙත් සුනඛයින්ට මොන පිට්නස් ද ?…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මගේ පැනයට පිළිතුරු සැපයූවේ නෙරීනාය.

” සාමාන්‍ය සුනඛ පුහුණු කිරීම් වලට අමතරව අප තවත් විව්ධ පාඨමාලා හඳුන්වා දී තිබෙනවා. මෙහි අරමුණ මිනිසුන් හා සුනඛයින් අතර සබඳතාව පුළුල් කිරීම හා දෙපාර්ශ්වය අතර හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමයි. මේ වසරේ ඉඳන් අප හඳුන්වාදෙන නවතම පාඨමාලාව තමයි “පිට්නස්. ඊට අපට යහපත් ප්‍රතිචාර රැසක් ලැබුණා. “

“සුනඛ පිට්නස් මගින් කෙරෙන්නේ සුනඛයාට තමාගේ ශරීරය පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා දීමය. ඉන් ලැබෙන ප්‍රතිඵල විශාලයි. එමගින් සුනඛයින් තමන්ගේ ශක්තිය පාලනය කිරීමට හා හැසිරවිමට පමණක් නෙමෙයි, අංග චලන ද ඉගෙන ගන්නවා” නෙරීනා සුනඛ පිට්නස් කාරියක් ලෙස පුහුණු ලැබු අයෙකි.

නේයා ගේ පිට්නස් ආම්පන්නය වූයේ බෝලයකි

ඇන්ජලා බර්ලි ට දකුණු පසින් “නේයා”සිය හිමිකාරිය වන riska රිස්කා මගින් පිට්නස් පුහුණුව ලබමින් සිටියේය. නේයා ගේ පිට්නස් ආම්පන්නය වූයේ බෝලයකි. ඌ ඒමත සිටගෙන සිටිය යුතුය .  නේයාගේ පිට්නස් කරන ආකාරය සම්බන්ධයෙන් ඇගේ හිමිකාරිය පසු වූයේ සතුටිනි .ඇය “නියමයි ,නියමයි “කියමින් නේයා දිරිමත් කළාය.

නේයාට ඉදිරි පසින් සිටින්නේ “කීරාය.  ඌගේ පිට්නස් ආම්පන්නය වූයේ විවිධ මතුපිට සහිත බංකුවක් හරහා ඔබ මොබ යාමය .
සුනඛ පිට්නස් බලමින් සිටි මා හට පෙනී ගිය ප්‍රධානතම කරුණ වූයේ එය තමන්ට අත්‍යවශය කටයුත්තක් ලෙස සුනඛයින් නොසලකන බවය. එය කරන්නේ සිය හිමි කාරයින්ට අවශ්‍ය නිසාය. ඒ නිසා සුනඛ හිමිකාරියන් ගෙන් සුනඛයින්ට කිසියම් රසවත් ආහාරයක් ලැබේ. එය සන්තෝසමකි.

කීරාගේ පිට්නස් කලේ විවිධ මතුපිට සහිත බංකුවක් හරහා ඔබ මොබ යමිනි.

එක් එක් සුනඛයින් වෙන වෙනම ගාල් කොට පිට්නස් කිරීමද විශේෂත්වයකි. ඒ අනෙක් සුනඛයින්ට බාධාවක් නොවන ලෙස ය. මෙමගින් ඔවුන්ගේ අවධානය පිට්නස් කෙරෙහි රඳවා තබා ගැනීමට උපකාරී වෙයි .


Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු ආර්යා ඔටුන්න ගැලවෙන විට ධවල මන්දිරයේ නැටෙන මෙලනියා නාඩගම

Next Post

පවිත්‍රා නිසා විපක්ෂ මන්ත්‍රීවරු දෙපිළක බෙදෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.