මහව කලාපයේ දුෂ්කර පාසලක් වූ ගල්ගමු සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවයා විශ්‍රාම ගැනීමේ සාදය වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතිය විසින් එක් දරුවෙකුගෙන් රුපියල් හාරදහසක් බැගින් ලක්ෂ 20කට අධික මුදලක් එකතු කිරීම සම්බන්ධ පුවතක් ලංකාසරට වාර්තා වේ.
පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස මෙම විදුහල්පතිවරයා කටයුතු කරද්දීම මෙම මුදල එකතු කර තිබේ. මේ පිළිබඳව දෙමව්පියන් කළ විමසීමක දී පාසල් සංවර්ධන සමිතියේ නිලධාරියෙක් පවසා ඇත්තේ රුපියල් තුන් දහසක් විදුහල්පතිවරයාට මුදල් ත්‍යාගයක් ලබා දීමට බවත් ඉතිරි රුපියල් දහස උත්සව කටයුතු සංවිධානය කිරීමට බවත්ය.
මෙම විදුහල්පතිවරයා මීට වසර 17කට පෙර ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ කළ විදුහල්පතිවරයාය. මෙතෙක් ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශිෂ්‍යයා බිහි වූයේ ඔහු විසින් නිර්මාණය කළ මෙම පාසලෙනි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ඇගයීමෙන් කරන පාසල් වර්ගී කරණයේ දී වර්ෂ 2017 ප්‍රථමස්ථානයට පත් වූයේ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩානරනායක කණිටු විදුහලය. එතැන් සිට පුරා වසර දහයක් එම වර්ගීකරණයේ පළමු දහය අතර තමන්ගේ පාසල තබා ගැනීමට මෙම විදුහල්පතිවරයා සමත් වූයේය.
එහෙත් ඔහු පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස හිඳිමින් රුපියල් ලක්ෂ විස්සක මුදල් ත්‍යාගයක් ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතිය මෙහෙයවීම මෙන්ම පාසලට නව විදුහල්පතිවරයෙක් පත් කර පවත්වාගැනීමට ඉඩ නොදී කලාප අධ්‍යාපන බලධාරීන්ට බලපෑම් කිරීමට පෙළඹීම නිසා තමන් දැඩි සේ කලකිරීමට පත්ව සිටින බව දෙමව්පිය පිරිසක් ලංකාසරට පැවසූහ.