පසුගිය තරගයේ විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 18කට දවා ගැනීමට වේග පන්දු යවන අහමතුල්ලා ඕමාර්සායි සමත් වූයේය. තුන්ව ඕවරයේ අවසන් පන්දුවට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනිමට ඕමාර් සායි සමත් වූයේය.
ඒ වනවිට හතරේ පහර තුනක් සමග ලකුනු 18ක් පන්දු 17ක් තුළදී ලබා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වී තිබිණි. ඊට හතරේ පහර තුනක් ඇතුළත්ව තිබිණි. දැවි යෑම සම්බන්ධව නැවත විමසීමක් ඉල්ලා සිටියත් ඒ වනවිට ඔහුට එම ඉල්ලීම කළ හැකිව තිබුණු තත්ත්පර 15 කාලය පසු වී තිබිණි.
මේ වනවිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අනෙක් අන්තයේ තරගය ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් ඇත.