තව ස්වල්ප වේලාවකින් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දි ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ඔහු වෙනුවට ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ. මේ වනවිට කාසියේ වාසිය උරගා බලා තිබේ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තෝරාගෙන ඇත.
අද පස්වරු 2.30ට පල්ලෙකැලේ හිදී පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන දෙවැනි එක් දින තරගයට සහභාගී වන කණ්ඩායම මෙසේය.
පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් ( නායක සහ කඩුළු රකින ක්‍රීඩක), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, දිල්ශාන් මධුශන්ක, අසිත ප්‍රනාන්දු
ඇෆ්ගනිස්තාන කණඩායම
රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, රහ්මට් ෂා, හස්මතුල්ලා ෂහිඩි ( නායක), අස්මතුල්ලා ඕමාර්සායි, ගුල්බඩින් නබි, මොහොමඩ් නබි, ඉක්‍රම් අලිඛිල් ( කඩුළු රකින ක්‍රීඩක), ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ්, ක්වයිස් අහමඩ්,







