සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය ආපදා අවස්ථාවේ දී  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගකීම් පැහැර හැරිය හැටි ආපදා නිලධාරීහු හෙළි කරති!

by editor
දෙසැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දිට්වා සුළි කුණාටුව හා කාලගුණ විපර්යාසය පිළිබඳව රටට හා මහජනතාවට දැනුම් දීමේ වගකීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් පැහැර හැර ඇති බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තිය සංගමයේ සභාපති එම්.ජී.පාලිත උපුල් කුමාර  ප්‍රකාශ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සුළි කුණාටුව නිසා බේරා ගැනීමට තිබු විශාල ජීවිත හා දේපළ ප්‍රමාණයක් රටට අහිමි වූ බවද පාලිත උපුල් කුමාර සඳහන් කළේය.

අද (14 )   දිඹුලාගල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත උපුල් කුමාර   එම කරුණු අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තිය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර   මෙසේද සඳහන් කළේය.

” ගම්පොළ නුවරඑළිය ප්‍රදේශවල ජීවිත විශාල වශයෙන් රටට අහිමි වුණා. ඒ වගේම ව්‍යාපාරික විනාශ වෙලා කෝටි ප්‍රකෝටි ගණන් රටට අහිමි වුණා.   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 11 වෙනිදා මේ කාලගුණ නිවේදනය නිකුත් කළා… ඔවුන් ඒ බව ලිඛිතවත් දැනුම් දුන්නා.  ඊට පස්සේ 18 වෙනිදා  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා මේ අවපාතය තාවකාලිකව දිවයිනෙන් බැහැර වෙනවා කියලා.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

නැවතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා 21 වෙනිදා සුළි කුණාටුව සක්‍රීය වෙමින් පවතිනවා කියලා. ඒවගේම 27,28 වෙද්දී මේක පීඩන අවපාතයක් බවට පත්වෙනවා කියලා දැනුවත්   කිරීමක් කළා. ඒවගේම පැය දොළහක කාලයක් තුළ මේක සුළි කුණාටුවක් බවට පත්වෙනවා කියලා රටට දැනුම් දිලා තිබුනා.

සුළි  කුණාටුව වර්ධනය වෙලා මේ රටේ ජන ජීවිත අඩාල වෙනකොට ඒ ජන ජීවිත නැවත ගොඩනැගීමේ භාරදූර කාර්ය තියෙන්නේ අපට අපිට.  ඒ කියන්නේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ නිවේදනය ලිඛිතව දැනුවත් කරන කොට, ජනතාව ගංගා නිම්නවලින් සහ අවදානම් ස්ථානවලින් සහ කඳුවලින් ඉවත් කිරීමේ වගකීම තියෙන්නේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට.  හැබැයි අපේ කරුමෙට හෝ මේ රටේ ජනතාවගේ කරුමෙට ආපදා  කළමනාකරන මධ්‍යස්ථානයත්   වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ඒ වගකීම පැහැර හැරියා කියලා අපි විශ්වාස කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සුළි  කුණාටුවෙන් අපේ රටේ බේරගන්න හිටිය ජනතාව පවා බේරගන්නට බැරි වුණේ”

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පහළ නිලධාරින් ලබාදුන් උපදෙස් මත, ආයතන සියල්ල එකතු කරලා   ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන ක්‍රියාවලිය හමස් පෙට්ටියට දැම්මා, ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි දිට්වා සුළි කුණාටුව පිළිබඳ   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අපට හා රටට සන්නිවේදනය නොවෙන්නේ. මේ තීරණය අපට සන්නිවේදනය වුනා නම් අපි හඳුනා ගෙන තිබෙන අවදානම් ප්‍රදේශ වලින් ජනතාව කලින් ඉවත් කර ගන්න, “

“හැබැයි ඒ නිවේදනය දිස්ත්‍රික් ලේකම්තුමාට, ප්‍රාදේශීය ලේකම්තුමාට, වගේම ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර ජීවිත හා දේපළ විනාශයක් සිදු වුණේ “ යැයි ද උපුල් කුමාර  වැඩිදුරටත් සඳහන් කළේය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් සිදුවන්නේ කුමක් ද? සරල පැහැදිලි කිරීමක්!

Next Post

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් නෙරපූ  හතුරුසිංහ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් අධිකරණයේ යළිත් නඩු දමයි…   

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.