අනාරක්ෂිතව පැවති අඩි පනහකට වඩා උස පස් කන්දක් නායේ යෑමකට ලක් විම නිසා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක පහළ මහලට දැඩි අලාභානි සිදු වී තිබේ.
අද උදෑසන පහයි තිහට පමණ මෙම පස් කන්ද නාය ගොස් පාසලේ පන්ති කාමරවල පැති බැමි කඩාගෙන පාසලේ ඩෙස් පුටු යට කරගෙන පන්ති කාමර තුනක් මුලුමනින්ම විනාශ කර ඇත.
මෙම අනාරක්ෂිත පස් කන්දේ අවදානම පිළිබඳව විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය කොතෙක් වරක් බලධාරීන්ව දැනුවත් කළත් ඊට විසඳුමක් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදු වී ඇතැයි වාර්තා වේ.
තව පැයක් පමාවී මේ විනාශය සිදුවූයේ නම් අඩුම වශයෙන් දරුවන් දහ පහළොස් දෙනෙකු හෝ මෙම පස් කන්දට යටවී දැඩි ඛේදජනක සිද්ධියක් වාර්තා වීමට ඉඩ තිබුන බව පාසල් බලධාරීහු කීහ.