පස්පොඩ්ඩා ලෙස ප්‍රකටව සිටි සමන් රෝහිත පෙරේරා නැමැත්තා සමග වෑන් රථයකින් ගමන් කරමින් සිටිය දී ගම්පහ උසාවිය අසල වෙඩි පහරකට ලක් වී ගම්හප දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් පුද්ගලයෙක් අද අළුයම මිය ගොස් ඇත.
නඩු කටයුත්තක් සදහා ගම්පහ අධිකරණය හමුවේ පෙනී සිට යළි පැමිණෙමින් සිටිය දී නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට ලක් වූ පස් පොඩ්ඩා පෙරේදා (28) මිය ගිය අතර ඔහු සමග තවත් තිදෙනෙක් ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව සිටියේය.
මිය ගොස් තිබුණේ ඉන් එක් අයෙකි. මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අයෙකි.