අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවුම් 38ක රන් තැටියක් කතරගමට පිදුවේ අංගොඩ ලොක්කාගේ පාතාලයෙන්   !

by editor
නොවැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

‍කතරගම දේවාලයේ නැති වූ බව කියන රන් තැටිය දේවාලයට පූජා කර ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ පාර්ශ්වය නියෝජනය කරන පාතාල ගැහැණියක් විසින් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම රන්තැටිය 2019 වසරේදී දේවාලයට පූජා කර ඇති බවත් කුඩා දරුවකුගේ අසනීපයක් වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීමට  පවුම් 38ක රන් තැටිය මෙසේ පූජා කර ඇති බවත් අනාවරණය වී ඇත.

රත්නපුර කොලොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව තවත් කිහිප දෙනකු සහ දරුවකු ද සමඟ කතරගම පැමිණ හෝටලයක නැවතී එහි සේවය කළ අරක්කැමියා මාර්ගයෙන් තම පූජා අවශ්‍යතාව දේවාලය වෙත දන්වා ඇත.

එයින් පසුව මෙම පවුම් 38ක රන් තැටිය දේවාලයට පූජා කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිදු කරන ලද මෙම විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත්තේ අදාළ පූජාව දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක   විසින් භාර ගනු ලැබ ඇති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම රන් තැටිය අතුරුදන්ව ඇති බවට කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිල්ෂාන් ගුණසේකර   විසින් පසුගියදා පොලිසිය හමුවේ පැමිණිල්ලක් කරන ලද අතර පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොටඨාසය විසින් එහි විමර්ශන ආරම්භ කරන ලදී.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අතරතුර පසුගිය ඔක්තෝබර් 26 වැනිදා බස්නායක නිලමේ කාර්යාලයට පැමිණි බාහිර පුද්ගලයකු විසින් රන් තැටියක් ගෙනැවිත් දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දී ඇත්තේ එය දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ නිවසේ තිබූ බව පවසමිනි.

මේ වනවිට මෙම රන් තැටිය දේවාලයේ තැන්පත් කර ඇති අතර ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක   ප්‍රකාශ කරන්නේ තමන්ගේ නිවසේ තිබී එවැනි රන් තැටියක් භාර නොදුන් බවය. ප්‍රධාන කපු මහතා වන තමන් බාහිර පුද්ගලයකු අත රන් තැටියක් දේවාලයට යැවීමට තරම් මෝඩයකු නොවන බව ද  ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ මෙම රන් තැටිය භාර දී ඇත්තේ දේවාලයේ ගබඩා භාරකාර කපු මහතාගේ සහෝදරයකු විසින් යැයි එම පුද්ගලයා පවසා ඇති බවය.

තමන්ගේ නිවසේ තිබී රන් තැටිය රැගෙන ආ බව  කියන එම පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රධාන කපු මහතාවන සොමිපාල රත්නායක   පවසා තිබේ.

ඔහු තවදුරටත් පවසන්නේ මෙම රන් තැටිය හැදුවේ කවුද එය ආවේ කෙසේද ආදී තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට තමන් ක්‍රියා කරන බවය.

කෙසේ වුවද ලංකසරට අනාවරණය වන ආකාරයට දේවාලය තැබුණු රන් තැටිය සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් , විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල ගේ සේවය අවසන්කරයි!

Next Post

සෙංකෝලයේ කඩතොලු… පිළිසකර කරනවා නම් එංගලන්තයේ මව් සමාගමට යැවිය යුතුයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.