පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන්ට දුරකථන, බැටරි හා චාර්ජර් අළෙවි කළ බව කියන එහි වෛද්‍යවරයා බන්ධනාගාර ආරක්ෂක අංශය මගින් අද (29) සවස අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
ප්‍රතිකාර සදහා ඔහු හමුවට එන රැඳවියන්ට මේවා විශාල මිල ගණන්වලට අළෙවි කර තිබෙන බව හෙළිවී ඇත.
සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.