දිනසේන රතුගමගේ –
පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවක සඳහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන 14 දා සිය දිවිහානි කර ගැනීමට තැත් කොට තිබේ.
එම සිසුවා තට්ටු ගොඩනැගිල්ලේ අසාමාන්‍ය ලෙසට ගමන් කරන ආකාරය දුටු ගුරුවරුන් හා සිසුන් පිරිසක් ඒ පිළිබදව අවධානයෙන් සිටිද්දී සිසුවා එක්වරම තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇත.
වාසනාවකට මෙන් දැනට විදුලිය සපයා නැති පැරණි විදුලි රැහැන් පද්ධතියක සිසුවා පැටලී බිම වැටීමට සෑහෙන කාලයක් ගත වූ නිසා ගුරුවරුන්ට හා සිසුන්ට සුළු තුවාල ලැබූ සිසුවාව බේරාගෙන ගිලන් රථයක ආධාරයෙන් රෝහල් ගත කිරීමට හැකි වී තිබේ.
ඔහු එදින පාසලට රැගෙන එන ලද පොත් බෑගය පරීක්ෂා කිරීමේදී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සඳහන් කරමින් ඔහු විසින් ලියා තිබූ පිටු 7 ක ලිපියක් ගුරුවරුන්ට හමු වී ඇත.
එම පරිගණක ක්‍රීඩාවේ නිරතවන පිරිස ඔහු වෙත ලබා දෙන යම් අභියෝගයක් බාරගත යුතුව අති අතර මේ සිසුවාද එවැනි අභියෝගයක් බාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.