අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාජයේ අවමානය යටකොට ශ්‍රී ලංකාව පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට දුන් උත්තරය….

by editor
සැප්තැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට වෘත්තීමය පිළිතුරක් ලබා දීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ආසියානු කුසලාන ඉතිහාසේය දෙවැනි විශාලම හඹායෑම සිදුකරමින් කඩලු 4ක ජයග්‍රහණයක් ලබාගනිමිනි.  ඉහළම හඹා යෑම වාර්තා කළේත් ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ මුල් වටයේ තීරණාත්මක තරයේ බංගලාදේශයට එරෙහිවය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාවය. දසුන් ශානක මුලින්ම පන්දු යැවීම තේරුවේය.

ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට  පැමිණියේ රහ්මනුල්ලා ගුර්බාස් සහ හස්රතුල්ලා සසායිය. ඔවුන් දෙදෙනා වේගවත් ආරම්භයක් කණ්ඩායමට එක් කළහ.

පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් ලබා සිටිය දී හස්රතුල්ලා සසායි දැවී ගියේය. ඒ දිල්ෂාන් මධුශංඛගේ පන්දුවක් හමුවේය.  රහ්මනුල්ලා ගුර්බාස්ට ඊබ්‍රහීම් සද්‍රාන් එක් විය. ඉන් අනතුරුව පිටිය තුළ මැවුනේ ගිනි කෙළියකි. එවැනි අනුකම් විරහිත ප්‍රහාරයක් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මේ ඇෆ්ගන් පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු නොවූහ.

රහ්මනුල්ලා ගුර්බාස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කළ පීඩනය බෙහෙවින්ම තීරණාත්මක එකක් විය . ඔහුට ලකුණු 84ක් ලබා ගැනීමට වැය වී තිබුණේ පන්දු 45ක් පමණි. ඊට හයේ පහර හයක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය. ගුර්බාස් දවා ගැනීම අසිත ප්‍රනාන්දු සමත්වන විට ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 15.3ක් තුළ දී ලකුණු 139ක් රැස් කරගෙන තිබිණි.  ඇෆ්ගනිස්ථානය හිටියේ ලකුණු 200 ඉක්මවා ගිය හඹා යා නොහැකි තරමේ දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කන්ඩායමට ලබා දෙනු ඇතැයි සිතෙන තැනකය.   පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සම්බන්ධතාවයක් ගොඩනැගි තිබිණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඉන් අනතුරු ඊබ්‍රහීම් සද්‍රාන් දැවී ගියේය. ඒ පන්දු 38ක දී ලකුණු 40ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවක් හමුවේ අසිත ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. හසන් දැවී යන විට පන්දු ඕවර 17.2ක දී ඇෆ්ගනිස්ථානය ලකුණු 151 ලබා තිබිණි. විස්සයි 20 තරගයක දී කඩුළු තුනක් දැවී ලකුණු 151 පන්දු ඕවර 17ක් තුළ ලබා ගැනීම විශිෂ්ට අවසානයක පෙර ලකුණු කීමකි.

එහෙත් ඉන් අනතුරුව පිටියට පැමිණි එක් ක්‍රීඩකයෙකුටවත් ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කටයුතු කළහ. කඩුලුර රකින ක්‍රීඩක නජිබුල්ලා සඩ්‍රාන් ලකුණු 17කට දුවද්දී දැවී ගියේය. නායක මෙහොමඩ් නබී එක් ලකුණකට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 175කට සීමා විය.

එය විශිෂ්ට ජයග්‍රහාහී ඉලක්කයක් බව පෙනුනි. මහීෂ් තීක්ෂණ සහ හසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දිල්ශාන් මධුසංඛ පන්දු ඕවර 04 තුළ ලකුණු 36කට කඩුළු 2ක් ද ලබා ගත්තේය. දුවද්දී දැවී යෑම් දෙකක් වාර්තා විය.

ලකුණු 176ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්හ. ලකුණු 62 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල බිඳ වැටුනේය. ඒ

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස්   පන්දු 19ක දී  ලකුණු 36ක් ලබා ගත්තේය.  හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක්  එල්ල කර තිබිණි.  ලකුණු 80 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දැවී ගියේය. ඒ පැතුම් නිශ්ශංකය. පැතුම් නිශ්ශංක දැවී යන විට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 35ක් ලබා සිටියේය. ඉන් අනතුරුව නැවත වරක් අසාර්ථක වූ චරිත් අසලංක ලකුනු 08ක් ලබා සිටියදි  මෙහොමඩ් නබී ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය. පන්දු ඕවර 11.3ක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් ලකුණු 94කට බිඳවැටී තිබිණි.

ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක සමග කඩුල්ලට එක්වූ දසුන් ශානක යහපත් පිතිකරණයකට ප්‍රවේශ වී සිටයත් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ට උඩ පන්දු රැකිමක් නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.  සීමා වළල්ලට උඩින් යන පන්දුව ගුවනේ දී ඩැහැගෙන දැක්වූ ඒ පන්දු  රැකීමේ වික්‍රමය සම්බන්ධව ජාත්‍යාන්තර මාධ්‍ය බොහෝ සංවාදයකට ලක් කළේය. එය කණ්ඩායමකට ජයග්‍රහණය පෙන්වා දෙන   පන්දු රැකීමක් විය.

අනතුරුව පිටියට පිවිසියේ භානුක රාජපක්ෂය ඇෆ්ගන්  ක්‍රීඩකයන්ගේ   සියලු අභිලාෂයන් කුඩු කළේය. ඒ පීඩනය කෙතෙක් පිටියට බලපෑවා ද යන්න ධනුෂ්කගේ සහ භානුකගේ  පහසු උඩ පන්දු දෙකක් ගිලිහී යෑමෙන් පෙනී ගියේය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 20කදී ලකුණු 33ක් ලබාගෙන රෂීඩ් ඛාන්ට ගොදුරු විය. හයේ පහර 2ක් හා හතරේ පහර 2ක්  එම ප්‍රහාරයට ඇතුළත් විය.

අනතුරුව හයවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසියේ වනිදු හසරංග .ඔහු ද අකාරුණික ලෙස ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට ප්‍රහාරයක් එල්ල කළේය.  භානුක ලකුණු 31ක් ලබා ගත්තේය. ඒ පන්දු 14ක් තුළය. ජයග්‍රහණයට ලකුණු 02ක් තිබිය දී භානුක දැවී ගියේය.

අවසන් පන්දු වාරයේ පන්දු 5ක් ඉතිරිව තිබිය දී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 4ක් අතැතිව ජයග්‍රහණය ලබා ගත්තේය.

සුපිරි හතර දෙනාගේ තරග වටයේ පළමු ජයග්‍රහණය ශ්‍රී ලංකාවටය.

මේ වනවිට   ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි 20 තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ නායකයා දසුන් ශානකය.

ඒ  තරග සංඛ්‍යාව 14කි. මීට පෙර කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 20 යි 20 තරග 13ක් සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග 13ක් ජයගෙන තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී.ල.නි.ප නව පක්ෂ ව්‍යවස්ථාව පක්ෂය දෙකඩ කරයි!

Next Post

චීන කුණු පොහොර ගනුදෙනුව යට සිටි  ශෂීන්ද්‍රලාගේ  නිරුවත  විගණනය හෙළි කරයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.