අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ බාරයක් ඔප්පු කරන්න අලුත් සහල් මංගල්‍යය අලුත් වෙයි…

පරාක්‍රම සමුද්‍රයේ වෑදකන්ද මත රොෂාන් රණසිංහගෙ ඇවිදින මං තීරුව අසාර්ථක කිරීමට දෙවියොත් ගොවියො දිහා බලලා...

by editor
අප්‍රේල් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 35ක එකමුතුවෙන්, පොලොන්නරුව ත්‍රෛනිකායික  මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මහ කන්නෙ අලුත් සහල් මංගල්‍යය පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම අබියස පිහිටි  ගණදෙවි දේවාලය අසලදී අද  09    පෙරවරුවේදී  අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම විනාශකර  ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාලකයෙකු ගත් තීන්දුවට  දින 255 පිරරෙන දිනයෙහි එම විනාශ කාරී කටයුත්ත අසාර්ථක වීම්ට ගොවි ජනතාව සිදු වූ භාරයක් ඔප්පු කිරීම වශයෙන් මෙම මංගල්‍යය සිදු කරන බව කියැවිනි.

උතුරු මැද පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක,  කදුරුවෙල ජයන්ති මහා විහාරයේ  විහාරාධිපති පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති, පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්   පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛනිකායික මහා සංඝ සංඝරත්නයේ පනස් නමක්  වැව් බැම්ම මතින් වැඩම කරවමින් මෙම අලුත් සහල් මංගල්‍යය   පරාක්‍රම සමුද්‍රය අභියසදී මහා සංඝරත්නයේ ආශිර්වාදය පැවැත්වීම විශේෂත්වයකි.

පරාක්‍රම සමුද්‍ර  ගොවි ව්‍යාපාරයේ සභාපති ජගත්  කීර්ති   ඇතුළු ගොවිසංවිධාන 35  ක නියෝජිතයින්  මෙම අවස්ථාවට සහ සහභාගී වී සිටි අතර පිරිකර ලෙස සහල් කිලෝ 10 බැගින් වැඩම කර සිටි මහා සංඝ සංඝරත්නයට ගොවි සංවිධාන විසින් පූජා  කෙරිනි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙහිදී ගරුතර මහා  සංඝරත්නය විසින් පරාක්‍රම සමුද්‍රය ඉදිකරන ලද  පරාක්‍රමබාහු  රජතුමාට මෙන්ම සියලුම රජවරුන්ටත් එකල ගොවි  නායකයින්ටත් පිං අනුමෝදන් කරමින් විශේෂ ආශිර්වාදයක්ද සිදු කළහ.

ගරුතර මහා සංඝ සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද පරාක්‍රම සමුද්‍රය උදෙසා පිරිත් පැන් මුසු කිරීම්ද මෙහිදී සිදුවිය.

මෙහිදී අනුශාසනාවක් පවත්වමින් කදුරුවෙල ධම්මපාල නාහිමියන් සඳහන් කළේ  පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම විනාශකර  ඇවිදින මං තීරුවක් ඉදිකිරීමට පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාලකයෙකු ගත් තීන්දුවට අදට දින 255 ක් වන බවත්, එම විනාශ කාරී කටයුත්ත අසාර්ථක වීම්ට ගොවි ජනතාව සිදු වූ භාරයක් ඔප්පු කිරීම වශයෙන් මෙම මංගල්‍යය සිදු කරන බවත්ය.

පරාක්‍රම සමුද්‍ර  ගොවිජන ව්‍යාපාරයේ සභාපති ජගත් අරුණ කීර්ති   සඳහන්  මහා සංඝ සංඝරත්නයේ වැඩම කරමින් අලුත්  සහල් මංගල්‍යය සිදු කළේ ඉතිහාසයේ පළමු වරට බවත්, මින් ඉදිරියට වාර්ෂිකව මෙම මංගල්‍යය සිදුකරන බවත් පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඇවිදින මංතීරුව ඉදි  කිරීමට බලධාරීන් තීරණයට එරෙහිව මහා  සංඝරත්නය නැගී සිටීම හා ඊට ආශිර්වාද කිරීම   ගොවි ජනතාවට මහත් ශක්තියක් වූ බවත්,  එදා ඇවිදින මන්ත්‍රීවරු ඉදිකළේ නම් මේ අයුරින් අලුත් සහල් මංගල්‍යයක් පැවැත්වීමට ගොවි ජනතාවට ඉඩකඩ නොලැබෙන බවත්යි.

මහා සංඝ සංඝරත්නය ඒකරාශී කරගනිමින් ඉදිරියේදී කිසිදු රජයකට හෝ බලධාරියෙකුට පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඇවිදින මන්ත්‍රීවරුවක් ඉදිකිරීමට පොළොන්නරු  ගොවිජනතාව ඉඩ නොතබන බවද අරුණ කීර්ති  සඳහන් කළේය’

මෙම අවස්ථාවට පොළොන්නරු දිස්ත්‍රික්කයේ  වෙහෙර විහාර නියෝජනය කරමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා හැටකට ආසන්න පිරිසක් වැඩම කර සිටි  අතර රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීනි බදු කෙළියෙන් දස කෝටි විසි එක් ලක්ෂයක් සතොසට පාඩු වුණු අයුරු විගණනය හෙළි කරයි…

Next Post

මහින්ද ඉවත්කර නව අගමැතිවරයෙක්   පත් කරන්න… පක්ෂ 11 ජනපතිගෙන් කරන අවසන් ඉල්ලීම අද…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.