අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සහ මන්නාරමේ යෝධ වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින සේ අනතුරු ඇඟවෙයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති අතර දැදුරුඔය ද්‍රෝණියේ පහත් බිම්වල අද (25) සවස් වන විට සුළු ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
අද නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයට මිලිමීටර් 150 ඉක්ම වූ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.







