බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සල් ගානේ ගිහින් අඳෝනා නගන්න දේශබන්දුලා යැව්වේ කැබිනට් ඇමතිවරයෙක්…

by editor
අගෝස්තු 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් ප්‍රමුඛ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි වගකීමකින් තොරව කටයුතු කිරීම පිළිබඳව පාස්කු කොමිසම විසින් අපරාධමය හා විනය චෝදනා එල්ලකර ඇති පොලිස් නිලධාරීන් ඊයේ (19) අස්ගිරි නාහිමි හමුවීමට ගොස් ඇත්තේ වගකීම් භාර එක්තරා ඇමතිවරයෙකුගේ උපදෙස් මත බව පොලිස් මූළස්ථාන තොරතුරු අනාවරණය කළේය.

පොලිස්පතිවරයා මේ ගමනට කැමැත්තක් දක්වා නොමැති වූවත් ඊට එම ඇමතිවරයාගේ මැදිහත්වීම හේතුවෙන් මේ නිලධාරීන්ට තමන්ගේ දුක කියන්නට අවස්ථාව උදාවී ඇත.

නිලධාරීන් 20 දෙනෙක් පමණ හදිසියේම මහනුවරට රැස්වන්නේ කිසිදු රාජකාරිමය කටයුත්තකට නොවූවත් පළාත් සංචරණ සීමා සියල්ලක්ම ඔවුන් උල්ලංඝනය කර තිබුණි.

එපමණක් නොව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේම උල්ලංඝනය කර තිබිණේ රැස්වීම් සම්බන්ධයෙන් වූ රීති බිඳ දමමිනි. එය වෙනම කාරණාවකි. හරිනම් සිවිල් ජනයා නිරෝධායනය කකරන්නාක් මෙන් මෙම නිලධාරීන්ද නිරෝධායනය කළ යුතුය.

නායක හිමියන් හමුවේ මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ එදා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන විට ඔවුන් එම ප්‍රහාර එල්ලවුණු පුදේශවල සේවයේ නිරතව සිටි බැවින් මේ ආකාරයට පාස්කු කොමිසම විසින් චෝදනා එල්ලකර ඇති බවකි. එය සත්‍ය නම් මෙම නිලධාරීන්ට පමණක් දඩුවම් ලබාදීමට පාස්කු කොමිසම නිර්දේශ කිරීමත් ප්‍රහාර එල්ලවුණු තවත් ප්‍රදේශවල නිලධාරීන්ට මේ ආකාරයට චෝදනා එල්ලනොවීමටත් හේතු වක් තිබිය යුතුය.

එකල කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට මෙන්ම කොළඹ බෝම්බ පිපිරුණු පැති කිහිපයකම උසස් නිලධාරීන්ට චෝදනා කිසිවක් කොමිසම නගා නැත. ඒ අනුව පැහැදිලි වන්නේ කොමිසම හිතුමතේට මුහුණ දිහා බලා තීන්දු තීරණ දීමක් දැයි සබුද්ධිකව විමසා බැලිය යුතුය.

මහනායක හිමියන් හමුවේ මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ ඔවුන් සිංහල බෞද්ධ නිලධාරීන් බවතත් ඔවුන් වෙනුවෙන් කිසිවෙකුත් පෙනී නොසිටින බවත්ය. මේ සිදුවන්නේ ආගමික ගැටුමක් ඇතිකිරීමේ පෙර නිමිත්තක්දැයි විමසා බැලිය යුතු කරුණකි.

කෙසේ මෙතත් මෙම නිලධාරීන් අස්ගිරි නාහිමියන් පමණක් නොව, මල්වතු හිමියන්වද මුණ ගැසීමට උත්සාහ ගත්තද උන්වහන්සේ මේ දිනවල නිරෝධායනයේ සිටින බැවින් එම අවස්ථාව අහිමි විය.. අනතුරුව ඔවුන් සියළු දෙනාම මහනුවර සිට යන්නේ අනුරාධපුරයටය. ඒ අටමස්තානාධිපති හිමියන් ඇතුළු මහා සංඝඝරත්නය මුණ ගැසී අස්ගිරි නාහිමියන්ට කී දෙයම කියන්නටය
.
එතැනින් මේ ගමන නතර වන්නේ නැත. පංසල් ගානේ යමින් දැනුවත් කිරීම මේ නිලධාරීන්ගේ අරමුණ වී ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි පණ දෙන්න ගිය සැකරුවෙක් අත්අඩංගුවේ!

Next Post

දළදා හාමුදුරුවන්ට උඩු වියන් බඳින්න ජීවිතය පේ කළ පින්වතී

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.