ලලිත් චාමින්ද –
පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ට පන්නිපිටිය විරමාවතේ පිහිටි නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 101ක් සඳහා වාර්ෂික කුලිය රුපියල් මිලියන 69ක් රජයෙන් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිමේ පදනම මත ලබාදි තිබුනද මෙම වර්ෂයේ (2023) ජුලි මස වනවිටත් මෙම නිවාස කුලී මුදල රජයෙන් අධිකාරිය වෙත ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම එක් එක් නිවාස හිමියන් විසින් ගෙවිය යුතු නඩත්තු වියදම්, සහ නිවාස ඒකක සදහා ගෙවිය යුතු විදුලිය, ගෑස්, හා ජල ගාස්තු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 10ක් 2023 වර්ෂයේ අගෝස්තු මස වනවිට නාගරික සංවර්ධන අධිකාරියට අයවිය යුතුව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
2022 වර්ෂයේ ජුලි 16 දිනැති අංක 22/0970/502/019/ දරණ අමාත්‍ය මණ්ඩල තිරණය පරිදි පන්නිපිටිය විරමාවතේ පිහිටි නිවාස 500න් යුත් නිවාස ව්‍යාපෘතියෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් සදහා නිවාස ඒකක 101ක් ලබාදි තිබුණි.
නිවාස සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 69ක් වු වාර්ෂික කුලිමුදල රජයෙන් අධිකාරියට ගෙවිමේ පදනම මත ලබාදි තිබු බවද විගණන කාර්යාලය මගින් 2022 වර්ෂය අදාලව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.