රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනා සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණය කරගත් තොරතුරු මත විදෙස් රටක නිශ්පාදිත පිස්තෝලයක්, ටී 56 ගිනි අවි සඳහා යොදා ගන්නා පතොරොම් ගැබ් දෙකක්, ටී 56 පතොරොම් 267ක් සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන‍් විසින් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී මෙම ගිනි අවි සහ උණ්ඩ විදෙස්ගතව සිටින තවත් අපරාධකරුවෙක් භාරයේ තබා ඇති බවට අනාවරණය වී ඇත.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ ද සහාය ඇතිව එඩේරමුල්ලේ තාවකාලිකව ඉදිකළ කාමරය සඟවා තිබූ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ අත් අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.







