කීර්ති ප්‍රනාන්දු –
අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා මාර්ගය ඉදිකිරීමේ දී දැඩි මතභේදයට ලක් වූ කෘඩියා සෙලනිකා ශාඛය මෙරටින් තුරන්ව ගිය ශාකයක් නොවන බව අද (03) නිකුත් කළ නවතම රතු දත්ත ලේඛනය තහවුරු කළේය.
මෙම නවතම රතු දත්ත ලේඛනය අද (03) පරිසර අමාත්‍යාංශයේ දී එළි දැක්වීම සිදුකෙරනි.
වර්ෂ 2012 වසරේ අවසන්වරට නිකුත් කළ වාර්තාවට ඇතුළත් කර නොතිබුණු හාඛ විශේෂ 64ක් නව රතු දත්ත ලේඛනයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
තවද එම නව වාර්තාව අනුව වර්ෂ 2012 වාර්තාවෙන් මෙරටින් වඳ වී ගිය බවට සැලකුනු ශාඛ වර්ග 05කින් 03ක් නව වාර්තාව මගින් නව වාර්තාව මගින් සංරක්ෂිත ශාඛ බවට තහවුරු කර ඇත.
එයට කෘඩියා සෙලනිකා ශාඛය ද ඇතුළත්ය.