ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන් පගාවක් ඉල්ලා ඇතැයි යන චෝදනාව මත විශේෂ පරීක්ෂණයක් සිදුක නිමා වනතුරු හිටපු ජනාධිපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කළ ඇමතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වීම සඳහා එජාප ප්‍රබලයෙක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම ඇමතිවරයා පක්ෂයේ තීන්දුව කඩ කර ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධව එම පක්ෂයෙන් ද ඡෝදනාවට ලක් වී ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී පගා ඉල්ලූ කැබිනට් ඇමතිවරයෙක් සම්බන්ධව කළ චෝදනාවට අදාලව විශේෂ පරීක්ෂණයක් කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම පරීක්ෂණය නිමා වන තෙක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධූරය දැරූ එම ඇමතිවරයාව ධුරයෙන් ඉවත් කළේය.
ටයිසෙයි යනු 1987 දී ආරම්භ කරන ලද ජපන් සංස්ථාවක් වන අතර එහි ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම්, සිවිල් ඉංජිනේරු විද්‍යාව හා දේපළ වෙළඳාම් සංවර්ධනය කරන ආයතනයකි.
2020 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බහු මට්ටමේ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ටයිසෙයි සමාගමට ඩොලර් මිලියන 564ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණි.