මාසයක් තිස්සේ අඛණ්ඩව රට තුළ පවතින උද්ඝෝෂණ මාලාවේ දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ ගෝල්ෆේස් පිටිය අසල පැවැත්වෙන බවත් දස දහසකට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක් වී සිටින බවත් NDTV වාර්තා කරයි.
තරුණයින් බහුතරක් රැස් වී සිටියත් ළමා වැඩිහිටි පිරිසෙන් සමන්විත මෙම උද්ඝෝෂකයන්ට ඉතිහාසයේ ප්‍රථම වරට සියලුම ජන වාර්ග වාර්ගික සහ දේශපාලන පෙළඹවීමකින් තොරව මෙම ස්ථානයට ඒකරාශී වී විරෝධතාවයේ නිරතවන බවත් NDTV කියයි.
මෙම දැවැන්ත උද්ඝෝෂණය සංවිධානය වී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ බවත් ඔවුන් පෙන්වා දෙයි.
Massive protests planned across #SriLanka; over 10,000 people gathered in Galle Face
NDTV's Sreeja MS reports pic.twitter.com/tkv6wg7j2Z
— NDTV (@ndtv) April 9, 2022







