පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් මෙතෙක් නොවූ විරූ ආකාරයෙන් ජලයෙන් යටවීමත් සමග මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළිත් සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තෙක් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මාධ්‍යයට පැවසීය.
ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බව පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වී තිබිණි.