නෙදර්ලන්තය තුළ පිහිටි විශ්ව විද්‍යාල චීනයෙන් අරමුදල් ලැබීම සම්බන්ධයෙන් සිදු කළ හෙළිදරව්වකින් පසු එසේ අරමුදල් ලබා ගැනීම අත්හිටුවා තිබේ.
එරට එන්ඕඑස් ප්‍රජා ගුවන් විදුලිය පසුගියදා විශේෂ හෙළිදරව්වක් කරමින් අනාවරණය කර තිබුණේ වියැව්වි විශ්ව විද්‍යාලයේ (VU University) අන්තර් සංස්කෘතික මානව හිමිකම් කේන්ද්‍රය විසින් චීනයෙන් අරමුදල් ලබාගෙන ඇති බවයි.
චීනයේ චොන්ග්ගින්ගිහි දේශපාලන විද්‍යාව සහ නීතිය පිළිබද වයඹ දිග විශ්ව විද්‍යාලයෙන් 2018, 2019, වසරවලදී යුරෝ 250, 000 බැගිනුත් 2020 වසරේදී යුරෝ 300,000 ත් වියැව්වි විශ්ව විද්‍යාලය වෙත ලබාදී ඇති බව මෙහිදී අනාවරණය කර තිබේ.
නෙදර්ලන්තයේ වියැව්වි විශ්ව විද්‍යාලය මෙන්ම යූඒවී විශ්ව විද්‍යාලයට ද මීට පෙර චීනයේ හුවාවි සමාගමෙන් අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණ.
මේ අනුව අදාළ විශ්ව විද්‍යාල දෙකම නෙදර්ලන්ත රජය මගින් විශේෂ අධීක්ෂණයකට යටත් කිරීමට කටයුතු කර තිබිණ.
මේ පිළිබද අදහස් දක්වමින් නෙදර්ලන්ත අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර තිබුණේ දැනුම බෙදාදෙන අධ්‍යයන ආයතන සැමවිටම වෙනත් රටවල බලපෑම් පිළිබද සැලකිලිමත් විය යුතු බවයි.